May 03, 2024

2014 පහේ ශිෂ්‍යත්වට සම්පත් බැංකුවෙන් අත්වැලක්.

සම්පත් බැංකුව නෙත් එෆ්.එම් නාලිකාව සමග අත්වැල් බැඳගෙන 6 වැනි වරටත් ක්‍රියාත්මක කරන වාර්ෂික පහ වසර ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාව මේ වනවිට අති සාර්ථකව ක්‍රියාවට නැංවෙමින් තිබේ. සිසුන් 6,000 කට වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් සම්මන්ත්‍රණ පැවැත්වීමට මෙම වැඩසටහන කටයුතු කර ඇත.

2014 මැයි මාසයේ ආරම්භ වූ මෙම සම්මන්ත්‍රණ මාලාව මේ වනවිට කඹුරුපිටිය, බලන්ගොඩ, තිස්සමහාරාමය, බුත්තල, දෙහිඅත්තකණ්ඩිය, හඟුරන්කෙත සහ කහටගස්දිගිලිය යන ප්‍රදේශවල පවත්වා ඇති අතර එය ග්‍රාමීය ප්‍රදේශවල වාසය කරන, සීමිත පහසුකම් සහිත සිසු සිසුවියන් බොහෝ දෙනෙකුට මහඟු අත්වැලක් වී ඇත. 

 

Rate this item
(0 votes)