May 04, 2024

මයික්‍රොසොෆ්ට් දැවැන්ත සේවක කප්පාදුවක

මයික්‍රොසොෆ්ට් ඉතිහාසයෙහි සිදුවූ විශාලතම සේවක කප්පාදුව දැනුම් දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මයික්‍රොසොෆ්ට් සමාගමෙහි ප්‍රධාන විධායකනිලධාරියා විසින් එම සමාගම තුළ විශාල වෙනස්කම් කිහිපයක් සිදුවීමට පියවර ගැනීම මීට බලපා තිබේ.

මෙතෙක් එම සමාගම තුළ සිදුවූ විශාලතම සේවක කප්පාදුව වසර 2009 දී සිදුව ඇති අතර එහිදී 5800ක පමණ පිරිසිකට සිය රැකියා අහිමි විය.
මයික්‍රොසොෆ්ට් සමාගමෙහි ප්‍රධාන විධායකනිලධාරියා වන සත්‍යා නඩෙලාගෙන් මේ පිළිබඳව ප්‍රශ්න කිරීමේ අවස්ථාව හෙට දිනයේදීසේවකයන්ට ලැබෙන බවද මේ අතර වාර්තා වේ.

එමෙන්ම මීට මාස කිහිපයකට පෙර නොකියාසමාගමෙන් මිලදීගත් ව්‍යාපාරයට සම්බන්ධ සේවකයන්ට මෙම තත්ත්වය බහුල ලෙස බලපෑමටඉඩ ඇති බවද පැවසේ. අදාළ ගනුදෙනුවේ ප්‍රතිඵලයක් ලෙස මයික්‍රොසොෆ්ට් සමාගමටසේවකයන් 25,000ක් පමණ එක්විය.

Rate this item
(1 Vote)