May 04, 2024

හස්ත කර්මාන්ත ප්‍රදර්ශණය කලාභවනේදී 

බස්නාහිර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන හස්ත කර්මාන්ත ප්‍රදර්ශනය ලබන මස 01 වැනි දා සිට 03 වැනි දා දක්වා කොළඹ, ජාතික කලාභවනේ දී පැවැත්වේ.

හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නව නිර්මාණ එළිදැක්වීම සහ කර්මාන්තකරුවන්ට වෙළෙඳපොළ අවස්ථා උදාකර දීම මෙමගින් අරමුණු කෙරේ.

බස්නාහිර පළාත් කර්මාන්ත අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙම ප්‍රදර්ශනය සංවිධාන කර තිබේ.  

 

Rate this item
(0 votes)