May 03, 2024

නිර්මාංශ පාරිභෝගිකයාට කීල්ස් ෆුඩ්ස් නවෝත්පාදනයක්

නිර්මාංශ පාරිභෝගිකයන් හට ඇති ආහාර වර්ග අනෙකුත් කෙටි කෑම (මාංශ ආහාර කෙටිකෑම) සමග සසඳන විට සීමිත බව දැකිය හැකිය. මෙයට කදිම විසඳුමක් ලෙසකීල්ස්ෆුඩ් ආයතනය නවතම ‘එළවළු චයිනීස් රෝල්ස්’ වෙළෙඳ‍පොළට හඳුන්වා දී තිබේ.කේ‍රස්ට්’ වෙළෙඳ නාමය යටතේ එන මෙම නිර්මාංශීය ආහාරය, ස්වාභාවිකඑළවළු යොදා සකස් කර ඇති රසවත් සහ ‍පෝෂණීය ගුණයෙන් යුත් නවෝත්පාදනයකි.

මෙහිඅඩංගු ද්‍රව්‍ය අතර එළවළු (කැරට්, ලීක්ස් සහ අල) සමග සෝයා ප්‍රෝටීන සහධාන්‍ය වර්ග විශේෂ වන අතර සමබල ආහාරයක ලක්ෂණ එලෙසින්ම දැකිය හැකි වේ.

කීල්ස් ෆුඩ්ස් විකුණුම් සහ අලෙවි ප්‍රධානී, ජෝන් කීල්ස් සමාගමේ උප සභාපතිනීල් සමරසිංහ මහතා පැවසූයේ “මෙම නවතම කේ‍රස්ට් චයිනීස් රෝල්ස් වෙළෙඳ‍පොළේඅඩුපාඩුවක්ව පැවැති නිර්මාංශී කෙටි කෑම අවශ්‍යතාව සපුරාලීම සඳහා අප විසින්හඳුන්වා දුන් ‍පෝෂණීය ආහාර විසඳුමක් බවයි.

Rate this item
(0 votes)