May 04, 2024
×

Warning

JUser: :_load: Unable to load user with ID: 110

මැක්ඩොනල්ඩ්ස් චිකන් නගට්ස් ප්‍රශ්නයක 

ක්ෂණික ආහාර සමාගම් සඳහා කල් ඉකුත් වූ මස් අලෙවි කළ බවට චෝදනා එල්ල වී තිබෙන චීනයේ Husi Food සමාගමෙන් කුකුළු මස් හා ඌරු මස් ලබාගැනීම නිසා ලොව සුපතල මැක්ඩොනල්ඩ්ස් සමාගම හොංකොං හි, චිකන් නගට්ස් සහ තවත් නිෂ්පාදන කිහිපයක් අලෙවි කිරීම අත්හිටුවා තිබේ.

චීනය විසින් මේ වනවිට ෂැන්ග්හයි නුවර කේන්ද්‍ර කරගත් Husi Food සමාගමේ මෙහෙයුම් කටයුතු අත්හිටුවා තිබෙන අතර මැක්ඩොනල්ඩ්ස් විසින් මේ සතිය මුලදී ජපානයේ අවන්හල් වලින් චිකන් නගට්ස් මෙම ප්‍රශ්නය මත ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

මැක්ඩොනල්ඩ්ස් පවසා තිබෙන්නේ ජපානය තුළ විකුණූ චිකන් නගට්ස් වලින් සියයට 20 ක් පමණම නිෂ්පාදනය කළේ ෂැන්ග්හයි නුවර පදනම් කරගත් Husi Food සමාගමේ මස් යොදා ගනිමින් බවයි.

මේ අනුව, ජපානයේ ක්‍රියාත්මක මැක්ඩොනල්ඩ්ස් අවන්හල් 500 කින් පමණ චිකන් නගට්ස් ඉවත් කර තිබෙන අතර නව සැපයුම් කරුවන් බඳවා ගැනීමෙන් පසුව නැවතත් චිකන් නගට්ස් හඳුන්වා දීමට බලාපොරොත්තු වේ.

මීට අමතරව, මැක්ඩොනල්ඩ්ස් විසින් McSpicy chicken filets, chicken සහ green salads, fresh corn cups මෙන්ම iced lemon tea හොංකොං වෙළඳ පොළේ විකිණීම අත්හිටුවා ඇත.

Rate this item
(0 votes)