May 04, 2024

එසැනින් වාහනයක් මිල දී ගෙන සැනින් විකුණන්න

මෝටර් රථ ක්ෂේත්‍රයට නව සේවා පහසුකම් හඳුන්වා දීමට Melsta Regal Finance Ltd පියවර ගෙන ඇත. පාවිච්චි කරන ලද මොටර් රථ මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරන මෙම නව සේවාව හරහා පාරිභෝගිකයන්ට එසැනින් තමන්ගේ මෝටර් රථය විකිණීමටත් නව මෝටර් රථයක් මිලදී ගැනීමටත් අවස්ථාව උදා වෙයි.

සිත්ගන්නාසුළු සහ නම්‍යශීලි මූල්‍ය සේවා ජාලයකින් සැදුම්ලත් Melsta Regal Finance Ltd මෙම නව සේවාව හඳුන්වා දුන් මොහෝතේදීම මොටර් රථ 75 ක් වැනි සංඛ්‍යාවක් ගණුදෙනු වූ බවද පෙන්වා දෙයි.

මධ්‍යම පළාත මූලික කරගනිමින් ආරමභ වූ මෙම සේවාව කඩිනමික් අනෙකුත් පළාත් තුළත් ව්‍යාප්ත කරන බව සමාගම පෙන්වා දෙයි. “Auto Ganu Denu” ලෙස හඳුන්වා දී ඇති මෙම සේවාව රටේ මෝටර් රථ විකුණුම්කරුවන් සහ මිල දී ගන්නන් අතර මර්මස්ථානයක් බවට පත් වේ යැයි Melsta Regal Finance Ltd අපේක්ෂා කරයි. තවද “Auto Ganu Denu” හරහා සේවා ලබා ගන්නා පාරිභෝගිකයන්ට ෆෝමියුලා වර්ල්ඩ් හරහාද සිත්ගන්නාසුළු වට්ටම් පිරි නැමීමටත් පියවර ගෙන තිබේ. ඒ අනුව “Auto Ganu Denu” නඩත්තු සහ අලුත් වැඩියා සේවාවන්ද පවත්වාගෙන යයි.

 

Rate this item
(0 votes)