May 03, 2024

දිවි නැඟුම සාර්ථකයි - සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

දිලිඳුකම දුරලීම සඳහා වන ජාතික වැඩපිළිවෙළ වන දිවි නැඟුම ජාතික ව්‍යාපාරය මෙරට සාර්ථක කාර්යභාරයක් ඉටු කරමින් තිබේ.

දිවි නැඟුම සංවර්ධන වැඩ සටහනේ ක්‍රියාත්මක වන ව්‍යාපෘතින් ලෙස කෘෂිකර්ම හා වැවිලි සංවර්ධනය, ධීවර හා පශු සම්පත් සංවර්ධනය, කර්මාන්ත හා ස්වයං රැකියා වැඩසටහන් අයත් වේ.

සමාජ සංවර්ධන වැඩසටහන් ලෙස නිවාස, ඉදිකිරීම හා සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය, දුම්වැටි විරෝධී කොඩි දින වැඩසටහන, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන හා ආධ්‍යාත්මික සංවර්ධන වැඩ සටහන් ගණනාවක්ක්‍රියාත්මක කරයි.

සමාජ ආරක්ෂණ වැඩසටහන් ලෙස සහනාධාර, සිප්දොර ශිෂ්‍යත්ව වැඩසටහන, ආබාධිතයන් සඳහා වූ වැඩසටහන් හා උපත්, විවාහ, මරණ සහ රෝහල් ගත වීම සඳහාප්‍රතිලාභ ලබාදීම සිදුවේ. සතිපොළ පැවැත්වීම, ග්‍රාමීය අලෙවි මධ්‍යස්ථාන අවුරුදු පොළ හා අලෙවි ප්‍රදර්ශන පැවැත්වීම, අලෙවි සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක වෙයි.

ප්‍රජාමූල බැංකු සංගම් හරහා ක්‍රියාත්මක කරනු ලබන ක්ෂුද්‍ර මූල්‍ය වැඩසටහන, ණය, ධීවර ණය, ආපදා ණය, පාරිභෝගික ණය, වගාණය, නිවාස ණය හා ආපදා ණය සඳහා ලක්ෂ 10ක උපරිමය යටතේ ව්‍යාපෘතීන් අනුව ණය ලබාදීමසිදු කරයි.

ඉහත ආකාරයට සෑම ‍ක්ෂේත්‍රයකම පැතිරුණු ජීවන තත්ත්වය උසස් කිරීමේ වැඩසටහන් රාශියක් දිවි නැඟුම දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාවට නංවයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ දිළිඳුකම සියයට 3.9 සිට එය සියයට 1 දක්වා අඩු කර ඇති බව සඳහන්.

ජනිත් ගමගේ

ප්‍රවෘත්ති නිලධාරි

Rate this item
(1 Vote)
Last modified on Friday, 25 July 2014 14:30