May 04, 2024

එළවළු මිලෙහි අඩු වීමක්

මේ වන විට එළවළු මිල ගණන් සමනය වෙමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන බාරයන් පෙන්වා දෙයි. සාමාන්‍යයෙන් නුවරඑළියෙන් ලැබෙන එළවළුවල මිල ගණන් තරමක් ඉහළ අගයක් ගෙන තිබූ අතර මේ වන විට එම මිල ගණන්ද පහළ යමින් පවතිනවා.

කෙසේවෙතත් සමස්ථ එළවළු මිල ගණන් මෙලෙස පහළ බැස නොතිබුනත් වැඩිපුර පරිභෝජනයට ගන්නා එළවළු මිල ගණන්වල සමනය වීමක් දක්නට ලැබෙන බවයි වාර්තා වෙන්නේ. උදාහරයනක් ලෙසට මේ සතිය ආරම්භයේදී තොග කිලෝවක් සඳහා රුපියල් 170-180 ත් අතර මිලක පැවති කැරට් මිල ක්‍රමයෙන් පහළ වැටී අද වන විට එය රුලියල් 80-85 ත් අතර මිලක පවතින බව සඳහන් වෙයි.

Rate this item
(0 votes)