May 03, 2024

ආර්පිකෝ නව නිෂ්පාදනයක් වෙළඳපොලේ

ආර්පිකෝ දේශිය ජීවන රටාවට ගැළපෙන දියුණුතම තාක්ෂණය සමගින් නව හයිබ්‍රිඩ්ජල ටැංකිය හදුන්වා දෙයි. එරොඩයිනැමික් නිමාව හා ලේයර තුනක ආරක්ෂාව සමගින් ශක්තිමත් බව හා සෞඛ්‍යාරක්ෂාව සුරක්ෂිත තාවයෙන් ඉහළ නිෂ්පාදනයක් ලෙස මෙය වෙළඳපොලට හඳුන්වා දෙයි.

ජල ටැංකි අතර මෙරට කීර්තිමත් නාමයක් දිනා සිටින ආර්පිකෝ, හයිබ්‍රිඩ්නමින් ජල ටැංකියක් හඳුන්වාදීම කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී පැවති මාධ්‍ය හමුවකදී රිචඩ් පීරිස් සහ සමාගම විසින් මෙම නවතම නිෂ්පාදනය එළිදක්වන ලදී. මොනකියු ඩයගනල්ආකාරයේ විශිෂ්ට නිමාවෙන් යුත් මෙම නවතම ජල ටැංකිය සවි ශක්තිය අතින්ද උපරිම මට්ටමක පවති. මනාව ඇතුළතින් වැසිය හැකි උඩු පියන නිසා එය කෘමීන් හා දූවිලි කුණු ආදියෙන් සුරක්ෂිත වෙයි. එමෙන්ම වඩාත්ම පුළුල් විවරයක් සහ ශක්තමිත්ම පතුලක් ඇති නිසා එහි ඇතුළත හොඳින් පිරිසිදු කළ හැකි වෙයි.

මල්ටි ලේයර් තාක්ෂණය පාදක කරගනිමින් ලේයර කිහිපයක් සහිතව නිර්මාණය කර ඇති ආර්පිකෝ ට්‍රිපල් ලේයර් ටැංකිය උසස්ම තත්ත්වයෙන් යුතුව ජලය ගබඩා කිරීමට ඇති හොඳම විසඳුමක වෙයි.

මෙම ටැංකි ලීටර 250 සිට ලීටර 10,500 දක්වා විවිධ ධාරිතාවන්ගෙන් නිෂ්පාදනය කෙරෙයි.

Rate this item
(0 votes)