May 04, 2024

PIAGGIO මාදිලි 5 ක් දැන් වෙළඳපොලේ

ඉතාලි තාක්ෂණයෙන් එන ලොව ප්‍රමුඛතම ත්‍රීරෝද රථ සන්නාමයක් වන PIAGGIO වෙතින් ශ්‍රී ලාංකේය ජන ජීවිතය තවත් පහසු කිරීම උදෙසා ත්‍රීරෝද රථ මාදිලි පහක් හඳුන්වා දී ඇත.

මෙය ශ්‍රී ලංකාවේ ත්‍රීරෝද රථ වෙළඳපොලට ත්‍රීරෝද රථ පරාසයක් හඳුන්වා දුන් පළමු අවස්ථාවද වෙයි. ඉතාලි තාක්ෂණයෙන් එන ත්‍රීරෝද රථවල සුවිශේෂීත්වය නම් තම පාරිභෝගික අවශ්‍යතාවයන් තේරුම් ගනිමින් ද්විත්ව කාර්ය පහසුකම් සහිතව ගුණාත්මයෙන් ඉහළ ශක්තිමත් නිෂ්පාදන වෙළඳපොලට නිකුත් කිරීමයි.

ඩීසල් සහ පෙට්ට්‍රල් යන ඉන්ධන දෙවර්ගයෙන්ම මිලදී ගත හැකි PIAGGIO ත්‍රීරෝද රථ අඩු වියදමකින් නඩත්තු කිරීමේ හැකියාවක්ද පවතී. PIAGGIOApe City (ඩීසල් පොඩ්ඩා), PIAGGIOApeD3S (ඩීසල් ලොක්කා), PIAGGIO Pride, PIAGGIO Delivery, PIAGGIO Pickup යන මාදිලි දැන් වෙළඳපොලේ දී මිලදී ගැනීමේ හැකියාව පවතී

Rate this item
(0 votes)