May 04, 2024

ජනතාවට පහසු ලෙස ප්‍රයිම් ලෑන්ඩ්ස් සේවා පුළුල් කරයි

ප්‍රයිම් ලෑන්ඩ්ස් සමූහ ව්‍යාපාරය රට පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති නව නිවාස ව්‍යාපෘතිවල පළමු අදියර කඩුවෙල රනාලේ කඩිනමින් ඇරැඹීමට නියමිත ය. නිවාස 536 කින් සමන්විත එම ව්‍යාපෘතියේ කාමර 1/2/3 ආදීවශයෙන් ඇති මෙම නිවාස සිය අවශ්‍යතාවය පරිදි  ලබා ගත හැකිය. ඒවායේ ප්‍රමාණයන් වනුයේ වර්ග අඩි 400, 574 සහ 797 වශයෙනි. රුපියල් මිලියන 1.975 සිට රුපියල් මිලියන 3.95 දක්වා වූ මිල ගණන් යටතේ ඒවා ලබා ගත හැකිය.

කොළඹට නුදුරු මෙවැනි පෙදෙසකින් එවැනි මිල ගණන් යටතේ හොඳ තත්ත්වයේ නිවෙසක් ලබා ගැනීමට හැකි වීම ජනතාවට ලැබෙන මහගු අවස්තාවක් බවත් සහ වාසිදායක අවස්ථාවක් බවත් සමාගම පවසයි.

නව පහසු ගෙවීමේ ක්‍රමයක් ද  හඳුන්වා දෙමින් නිවාස වෙන් කරවා ගැනීමේ දී මාසයක කාලයක් ඇතුළත 20% ක්. ඉන් පසු මාස 6 ක කාලයක් ඇතුළත 20% කොටස් 3 ක් සහ අවසන් 10% ඔප්පුව ලබා ගැනීමේ දී ගෙවා නිම කළ හැකි බවද මාධ්‍ය දැනුවත් කරමින් ප්‍රයිම් ලෑන්ඩ්ස් සමූහ ව්‍යාපාරය නිවේදනය කර ඇත.

Rate this item
(0 votes)