May 04, 2024

රාමසාන් දිනත් විවෘත බැංකුවේ ශාඛා.

රජයේ හා බැංකු නිවාඩු දිනයක් වන ජූලි 29 වෙනි අඟහරුවාදාට යෙදෙන රාමසාන් උත්සව දිනයේ සිය සේවා මධ්‍යස්ථාන 65ක් විවෘතව තබන බව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත.

බැංකුව සතු සුපිරි වෙළෙඳ සංකීර්ණ ආශි‍්‍රත කවුන්ටර 28 හා දින 365 පුරා කි‍්‍රයාත්මක ශාඛා 20 එදින සාමාන්‍ය ගනුදෙනු වේලාවන් කි‍්‍රයාත්මක කරන අතරලමීට අමතරව බැංකුවේ තවත් ශාඛා 17ක් පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සඳහා විවෘතව තැබෙනු ඇත.

මෙම අමතර ශාඛා 17වැල්ලවත්ත, කොල්ලූපිටිය, කොටහේන, මහරගම, බොරැල්ල, නුගේගොඩ, නාරාහේන්පිට, බත්තරමුල්ල, පංචිකාවත්ත, යූනියන් පෙදෙස, වත්තල, දෙහිවල, කිරිබත්ගොඩ, අවිස්සාවේල්ල, පිළියන්දල සහ ප‍්‍රධාන කාර්යාලයේ විදේශ ශාඛාව හා කෙළින්වීදිය, කොළඹ කොටුව අයත් වෙයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 24 July 2014 09:42