May 04, 2024

ලංකා බැංකුව ලොව ඉහළ බැංකුවරුවන් අතරට

ලොව ඉහළම පෙළේ බැංකු 1000  අතරින් එකක් ලෙස විශ්ව කීර්තිය දිනා ගැනීමට මෙරට ප්‍රමුඛ බැංකුවක් වන ලංකා බැංකුව සමත් වී තිබේ. ශ්‍රී ලංකාවේ සියලු වාණිජ බැංකු අභිබවමින් ලොව හොඳම බැංකු ශ්‍රේණිගත කිරීම්වලදී සිය බැංකුව ලබා ගත් ජයග්‍රහනය පිළිබඳව 75 වසරක් සිය ස්ථාවරය රැකදුන් ගණුදෙනුකරුවන්ට ලංකා බැංකුව ස්තුතියද පුද කරයි.

ලොව අග්‍රගන්‍ය බැංකුකරණ සහ මූල්‍ය සඟරාවක් වන ද බෑන්කර්විසින් මෙම වර්ගීකරණය සිදු කර තිබේ. මෙම වර්ගීකරණය සඳහා බැංකුවල යහ පැවැත්ම,මූල්‍ය ශක්තිය සහ ලාභදායී බව යන අංශ වෙත අවධානය යොමු කර ඇත.

Rate this item
(0 votes)