May 04, 2024

නව සමාගමක් මිලදී ගෙන DSI අලුත් වැඩකට පිවිසෙයි

ඩී.එස්.අයි. සමූහ ව්‍යාපාරයමුල් වරට පී.වී.සී. බට නිපදවීමේ ව්‍යාපාරික කටයුතු ආරම්භ කිරීමට සූදානම් වෙයි. ඒ ගාල්ල, බද්දේගම පිහිටි Okta PVC Lanka (PVT) Ltd සමාගමේ පී.වී.සී. බට නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව ඇතුළු එම සමාගමේ සියළු වත්කම් මිලදී ගැනීම හේතුවෙන්.

මේ පිළිබඳව අදහස් දක්වමින් ඩී.එස්.අයි. සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ, කුලතුංග රාජපක්ෂ මහතා පැවසුවේ Okta PVC Lanka (PVT) Ltd සමාගමේ සියළු වත්කම් රුපියල් මිලියන 137 කට ඩී.එස්.අයි. සමූහ ව්‍යාපාරය විසින් මිලදී ගත් බවයි.

මිලදී ගත් කර්මාන්ත ශාලාව නවීකරණය කර ඉදිරියේදී ඩී.එස්.අයි. සමූහයේ සන්නාමය යටතේ පී.වී.සී. බට නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇතැයි රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 23 July 2014 09:38