May 02, 2024

කාන්තා ව්‍යවසායකයින් 2015 අයවැයට යෝජනා ගෙනෙයි

2015 අයවැය සැකසීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ කාන්තා ව්‍යවසායකයින්ගේ අදහස් හා යෝජනා ලබාගැනීමේ සාකච්ඡාව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත් විය.

අමාත්‍යවරුන් වන ඩලස් අලහප්පෙරුම, බැසිල් රාජපක්ෂ, තිස්ස කරලියද්ද, ජොන්ස්ටන් ප්‍රනාන්දුනියෝජ්‍ය අමාත්‍යවරුන් වන හේමාල් ගුණසේකර, ලක්ෂ්මන්වසන්ත පෙරේරා, වයි.ජී. පද්මසිරි, නිශාන්ත මුතුහෙට්ටිගම යන මහත්වරුන්ද, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ ලේකම් පී.බී.ජයසුන්දර මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ රජයේ නිලධාරීහු මීට එක්ව සිටියා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 July 2014 09:08