May 02, 2024

ඉන්දීය ආයෝජකයින් මෙරට ව්‍යාපාර ගැන උනන්දුවක්

භාරතීය ජනතා පක්‍ෂයේ ක්‍රමෝපාය කාර්යය කමිටුවේ සභාපති සහ මධ්‍ය රජයේ හිටපු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් සාමි මහතා ඇතුළු ඉන්දීය භාරතීය ජනතා පක්‍ෂයේ නියෝජිතයින් පිරිසක් ආර්ථික සංවර්ධන අමාත්‍යා බැසිල් රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡා පවත්වා තිබේ.

එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික කටයුතු නඟා සිටුවීමට ඉන්දියාවේ පූර්ණ සහාය ලබාදෙන බව භාරතීය ජනතා පක්ෂ නායකයෝ පවසා ඇත.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් දියුණුවීම හේතුකොට ගෙන ඉන්දීය ආයෝජකයින් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු ඇරඹීමට උනන්දුවක් දක්වන බවදඔවුන් පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 July 2014 08:57