May 02, 2024

සම්පත් බැංකුව ශ්‍රී ලංකාවේ හොඳම බැංකුකරු වෙයි

මෙරට බැංකු අතර කීර්තිමත් බැංකුකරුවෙකු වන සම්පත් බැංකුව නව සම්මානයකින් පිදුම් ලබා තිබේ. Euromoney Awards for Excellence 2014 නම් වන මෙම සම්මානය හොංකොං රාජ්‍යයේ ශ්‍රැංගීලා හොටේල් හී පැවැති උත්සවයකදී සම්පත් බැංකුව වෙත හිමි වෙයි. 

මෙම සම්මානය සම්පත් බැංකු කළමණාකාර අධ්‍යක්ෂ අරවින්ද පෙරේරා මහතා විසින් ලබා ගත් අතර බැංකුවේ සේවා, ස්ථාවර තැන්පතු, පොලී අනුපාත, සමූහයේ වාර්ෂික වර්ධනය යන අංශ ඇගයීමට ලක් කරමින් ජයග්‍රාහකයා තෝරා ගෙන ඇත.

බ්‍රිතාන්‍ය මූල්‍ය සඟරාවක් මගින් මෙම සමීක්ෂණය සිදු කර තිබූ අතර ඒ අනුව සම්පත් බැංකුව වෙත මෙම සම්මානය හිමි විය.

Rate this item
(2 votes)