May 02, 2024

පුර නැගුම තවත් දිස්ත්‍රික්ක 4 කට

ඇමරිකානු ඩොලර් මිලියන 86 ක වියදමින් අනුරාධපුර, පොළොන්නරුව, පුත්තලම සහ මොණරාගල යන දිස්ත‍්‍රික්ක 4 කට  අයත් පළාත් පාලන ආයතන 22 ක් පුර නැගුම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරීමට තෝරාගෙන තිබෙනවා.

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ කියා සිටියේ මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 86 ක් වැයවන අතර ඉන් ඩොලර් මිලියන 50 ක් අන්තර්ජාතික සංවර්ධන ඒජන්සියෙන් ණයක් ලෙස ලෝක බැංකුව හරහා ලැබෙන බවයි. තවත් ඩොලර් මිලියන 18 යිදශම 8 ක්  ඕස්ටේ‍්‍රලියානු රජයේ ආධාරයක් ලෙස ලබාදෙනු ඇති.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 22 July 2014 09:06