May 02, 2024

"ග්රෑම් 200" සාර්ථකයි

පළමු වතාවට පැවැත් වූ "ග්රෑම් 200" නමින් නම් කළ පලතුරු ප්‍රදර්ශනය සාර්ථක බවත් එය වාර්ෂිකව පැවැත්වීමට සැලසුම් කරන බවත් පලතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය සුභා හීන්කෙන්ද මහතා පවසයි.

පලතුරු ප්‍රදර්ශනය අදන් (21) අවසන් වේ. ආරම්භක දිනයේ සිට ඊයේ (20) වනවිට පලතුරු ප්‍රදර්ශනය නැරඹීම සඳහා දළ වශයෙන් ලක්ෂ 3 1/2ත් 4ත් අතර ජනතාවක් පැමිණි බව ඔහු සඳහන් කළේය.

අද පස්වරු 6.00ට ප්‍රදර්ශනය අවසන් වන අතර අද දින 25,000ත් 30,000ත් අතර ජනතාවක් පලතුරු ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව ද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

"ග්රෑම් 200" යනුවෙන් නම් කර තිබූ 2014 - පලතුරු ප්‍රදර්ශනය පසුගිය 14දා ආරම්භ කෙරිණි.

Rate this item
(0 votes)