May 17, 2024

දේශීය අත්යන්ත්‍ර රෙදිපිළි මෝස්තර සඳහා වැඩමුළුවක්.

දේශීය අත්යන්ත්‍ර රෙදිපිළිවල මෝස්තර නිර්මාණය හා සංවර්ධනය කිරීම වෙනුවෙන් වූ වැඩමුළුවක් පසුගියදා කොළඔදී පැවැත්විය.

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරන ලද මෙය ලන්ඩන් විශ්ව විද්‍යාලයේ දේශකවරියක් හා ජාත්‍යන්තර මෝස්තර නිර්මාණ විශේෂඥවරියක වන, ජෙනිෆර් ෂෙලාඩ් මහත්මිය විසින් මෙහෙය විය.

 

මෙම වැඩමුඵවේ සමාරම්භක දේශණය පැවැත්වූ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, බන්දුල එගොඩගේ මහතා පැවසුයේ, ඇඟලුම් අපනයනයෙන් ශ්‍රී ලංකාව ලොවපුරා කීර්තියක් හිමිකරගෙන ඇති බවත් එහි රහස වනුයේ දේශීය ඇඟලුම්හි ඇති ගුණාත්මක බවටත් වඩා ඒවායේ ඇති විචිත්‍රවත් මෝස්තර හේතුවෙන් බවයි.

Rate this item
(0 votes)