May 17, 2024

සංචාරක ප්‍රවර්ධනයෙන් බියර් ලාභය වර්ධනය වේ..

රට තුළ ශක්තිමත්වන සංචාරක කර්මාන්තය හේතුවෙන් බියර් අලෙවියත් ඉහළ ගොස් තිබේ. ලයන් බියර් සමාගම විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් සහ එම දත්ත වාර්ථා හෙළි කරන අන්දමට සිය නිෂ්පාදනයන්හී වැඩිම ලාභය ලැබිය හැකි කාලය ලෙස විදෙස් සංචාරකයින් රටට පැමිණෙන කාල වකවානුව හැඳින්විය හැකි බවයි ලයන් බියර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුරේෂ් ශා මහතා පෙන්වා දෙන්නේ.

මෙම තත්ත්වය මෙරට ප්‍රධාන පෙළේ හෝටල් සහ කුඩා පරිමාණයේ මත්පැන් අලෙවි සැල්වලින්ද දැකගත හැකි බව ද වැඩි දුරටත් සඳහන් වෙයි. ඉදිරියේදී ද රට තුළ සිදු වන සංචාරක ප්‍රවර්ධනය හේතුවෙන් සිය ලාභයන් තව දුරටත් වර්ධනය වනු ඇති බවයි ලයන් බියර් සමාගම සඳහන් කර තිබෙන්නේ.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 08 July 2014 11:19