May 17, 2024

ජාවා තාක්ෂණයෙන් වෘත්තීය පුහුණු අධිකාරිය සවිබල ගැන්වේ..

ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ පරිගණක ක්ෂේත්‍රයට, ජාවා තාක්ෂණ හා උසස් අධ්‍යාපන ආයතනයේ සහාය ඇතිව ආයතන තොරතුරු කළමනාකරණ පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තබා තිබේ. මෙය යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

එහිදී අදාල ගිවිසුමට ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය වෙනුවෙන් එහි සභාපති කර්නල් දර්ශන රත්නායක, ජාවා තාක්ෂණ හා උසස් අධ්‍යාපන ආයතනය වෙනුවෙන් එහි සභාපති ඉෂාන්ත සිරිබද්ධන යන මහත්වරුන් විසින් අත්සන තබන ලදී.

මීට සමගාමීව ශ‍්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ඉගෙනුම් සම්පත් කළමණාකරණ පද්ධතිය හඳුන්වාදීමද සිදුකරන ලදී.

Rate this item
(0 votes)