May 17, 2024

ලෆාජ් හොල්සිම් දෙක එක් වෙයි.

මෙරට ප්‍රධාන පෙළේ ඉදිකිරීම් අමුද්‍රව්‍ය සපයන්නන් වන ලෆාජ් සමාගම සහ හොල්සිම් සමාගම ඒකාබද්ධවීමේ ගිවිසුම නිවේදනය කර තිබේ. මේ අනුව මෙම සමාගම් දෙක ඉදිරියේදී වෙළඳපොල තුළ ලෆාජ් හොල්සිම් යන වෙළඳ නාමය යටතේ වෙළඳපොල කටයුතු සිදු කරනු ඇති.

නව ගිවිසුම පිළිබඳව අදහස් දක්වමින් සමාගම් දෙකම පෙන්වා දී ඇත්තේ මෙම අවස්ථාව වෙළඳපොල තුළ සිය සේවා අවස්ථා වඩාත් පුළුල් කිරීමට සහ වර්ධනය කිරීමට වඩාත් ප්‍රායෝගික වෙනු ඇති බවයි.මෙම සමාගම් ඒකාබද්ධය රටවල් 90 ක දියත් කිරීමටද එකඟතාවය පළ වී තිබේ. පියවරෙන් පියවර ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩපිළිවෙල 2015 වසරේ දී මුළුමනින්ම නිම කිරීමටද අපේක්ෂිතයි.

Rate this item
(0 votes)