May 17, 2024

තෙල් සහ රන් මිල සමනය වෙයි.

ලොව විශාලතම බලශක්ති පාරිභෝගිකයෙකු වන ඇමරිකාවේ සුබවාදී ආර්ථික දත්ත හේතුවෙන් තෙල් මිලෙහි සමනයවීමක් පසුගිය සතියේ දක්නට විය. ඉරාකයේ අස්ථාවර තත්ත්වයක් පැවතුණ ද තෙල් මිල පහළ මට්ටමක පැවතීමට හේතුව එය ලෙස වාර්තා වෙයි.

ඉරාකයේ මෙන්ම ලිබියාවේ තෙල් සැපයුම අස්ථාවර වුවද බි‍්‍රතාන්‍ය වෙළදපළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 110 දක්වා පහත වැටී තිබේ. එය සතියකට පෙර පැවතුණේ ඩොලර් 113ක් ලෙසය. මේ අතර, ලෝක වෙළදපළේ රන් මිල පසුගිය සතියේ දක්නට ලැබුණේ මාස තුනකින් ඉහළම මට්ටමේය. එහෙත් ඇමරිකානු වෙළදපළේ සුබවාදී වාතාවරණය හේතුවෙන් රන් මිල සුළු වශයෙන් පහත වැටී ඇති බවයි විෂ්ලේශකයන් පෙන්වා දෙන්නේ.

Rate this item
(1 Vote)