May 17, 2024

වාණිජ බැංකු ණය දීම්වල වර්ධනයක්.

මෙරට වාණිජ බැංකු මගින් ලබාදෙන ණය මේ වසර තුළදී සියයට 14 කින් පමණ වර්ධනය වනු ඇතැයි ජාත්‍යන්තර විගණන ආයතනය පවසයි. එමෙන්ම අගරු ණය මේ වසර තුළදී සමනය වනු ඇති බවයි එමඟින් පෙන්වා දෙන්නේ. විශේෂයෙන් යටිතල පහසුකම් සංවර්ධනය තුළින් මෙරට ආර්ථික වර්ධනයද ඉහළ මට්ටමක පවතිනු ඇති බව මූඩි විගණන ආයතනයේ අදහසයි.

ශ‍්‍රී ලංකාව මේ වසරේදී සියයට 7 ක ආර්ථික වර්ධනයක් අත් කරගනු ඇති බවත් එය ආසියාකරයේ ඉහළම වර්ධනයක් බවත් එමඟින් ප‍්‍රකාශ වෙයි. එහිදී මෙරට බැංකු පද්ධතිය ස්ථාවර අන්දමින් ක‍්‍රියා කරනු ඇති බව මූඩි - ජාත්‍යන්තර විගණන ආයතනයේ අදහසයි.

Rate this item
(1 Vote)