May 17, 2024

රෝයල් සෙරමික්ස් මුල් පුටුව මාරු වෙයි.

රෝයල් සෙරමික්ස් ලංකා පී.එල්.සී. සමාගමේ සභාපතිවරයා ලෙස ධම්මික පෙරේරා මහතාත්, එම සමාගමේ හා ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස නිමල් පෙරේරා මහතාත් පත්ව තිබේ.මීට පෙර රෝයල් සෙරමික්ස් ලංකා පී.එල්.සී. සමාගමේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස ධම්මික පෙරේරා මහතා කටයුතු කළේය.

මෙම නව පත්වීමත් සමග එම සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඒ.එම්.වීරසිංහ මහතා සභාපති ධුරයෙන් ඉවත් වුවත්, තවදුරටත් අධ්‍යක්ෂ තනතුරේ රැඳෙමින් කටයුතු කරනු ඇති බව පැවසෙයි.

Rate this item
(0 votes)