May 16, 2024

රටේ පළතුරු කෑම අන්තිමයි..

කෘෂිකර්ම අමාත්‍යාංශය පළතුරු සතියක් ප‍්‍රකාශයට පත් කර තිබේ. ඒ ජනතාව අතර පිරිහෙමින් පවතින පළතුරු පරිභෝජනය ඉහළ නැංවීමේ අරමුණින්.

ලබන ජූලි මස 14 වැනිදා සිට 21 වැනිදා දක්වා ප‍්‍රකාශයට පත් කර ඇති එම සතිය තුළ හොරණ කනන්විල පළතුරු පර්යේෂණ හා සංවර්ධන ආයතනය තුළ පළතුරු සැණකෙළියක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

පුද්ගලයෙකු දිනකට පළතුරු ග‍්‍රෑම් 200ක් වත් පරිභෝජනයට ගතයුතු නමුත්, එය ඉතා අවම මට්ටමක පවතින බව කෘෂිකර්ම අමාත්‍යාංශය සිදු කළ සමීක්ෂණවලින් හෙළි වී ඇත.

Rate this item
(1 Vote)