May 20, 2024

කිතුලක වරුණ අපේ‍්‍රල්  01 වැනි දා සිට  

”කිතුලක වරුණ ප‍්‍රදර්ශනය හා වෙළෙඳ පොළ” 2014 අපේ‍්‍රල්  01 සිට 06 දක්වා සතිය කිතුල් ප‍්‍රවර්ධන හා පරිභෝජන සතිය ලෙස ප‍්‍රකාශ කිරීමට සාම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබේ. 

කිතුල් නිෂ්පාදන ප‍්‍රචලිත කිරීම සඳහා කිතුලක වරුණ ප‍්‍රදර්ශනය හා වෙළෙඳපොළ සෑම වසරකම සිංහල හා දෙමළ අලූත් අවුරුද්දට පෙර පැවැත්වේ. 

කිතුල් අංශයෙන් විදේශ විනිමය ඉපැයීම ශක්තිමත් කිරිම, සහාය දැක්වීම හා දියුණු කිරීම සඳහා සාම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ජාතික කිතුල් සංවර්ධන වැඩ සටහන ක‍්‍රියාත්මක වෙයි. 

අපේ‍්‍රල් 01 සිට 06 දක්වා සතිය කිතුල් ප‍්‍රවර්ධන හා පරිභෝජන සතිය ලෙස නම් කිරිමට හා අදාළ වැඩසටහන් ක‍්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සාම්ප‍්‍රදායික කර්මාන්ත හා කුඩා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය ඩග්ලස් දේවානන්ද  මහතා පවසයි.

Rate this item
(0 votes)