June 01, 2024

චීන සංවර්ධන බැංකුව ලංකාවට කැමැත්තෙන්..

ලංකාවේ බැංකු සමග සම ආයෝජනයන් කිරීම සඳහා චීන සංවර්ධන බැංකුව (China Development Bank (CDB)) කැමැත්තෙන් සිටින බවත් ඒ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීමට තීරණය කර තිබෙන බවත් රජය පවසයි.

පසුගියදා කසකස්ථානයේ අස්ථානාහි, පැවති ආසියානු සංවර්ධන බැංකුවේ 47 වන වාර්ෂික සමුළුවේදී මේ සම්බන්ධයෙන් චීන සංවර්ධන බැංකුවේ ප්‍රධානීන් සාකච්ඡා කළ බවත් මෙම සමුළුව සඳහා ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා හා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් සහභාගී වූ බවත් රජය සඳහන් කරයි.

චීන සංවර්ධන බැංකුවේ ප්‍රමුඛ කාර්ය වන්නේ දැවැන්ත යටිතල පහසුකම් ගොඩනැගීමට අදාළ අරමුදල් රැස්කිරීම වන අතර චීන රජයේ හිමිකාරීත්වය සහිත මෙය ආරම්භ කර තිබෙන්නේ 1994 වසරේදීයි.3500 ක පමණ සේවක සංඛ්‍යාවක් සේවය කරන චීන සංවර්ධන බැංකුවේ ප්‍රධාන කාර්යාලය බෙයිජිං නුවර පිහිටා ඇත.

Rate this item
(0 votes)