May 21, 2024

නිපෝන් තීන්ත ග්‍රීන් ලේබල් කරයි 

නිපෝන් පේන්ට් ලංකා පෞද්ගලික සමාගම නිෂ්පාදනය කරන Medifresh 3 in 1 සහ Weatherbond Algae Guard තීන්ත සඳහා සිංගප්පූරුවේ ග්‍රීන් ලේබල් සහතිකකරණය හිමිකර ගැනීමට සමත් වූ බව එම සමාගම පවසයි.

මෙය උසස්ම තත්ත්වයේ අභ්‍යන්තර හා බාහිර තීන්ත වර්ග නිපදවන වඩාත් පරිසර හිතකාමී නිෂ්පාදන ආයතනයක් බවට පත්වීම සඳහා තමන් දියත්කර ඇති වැඩසටහනක පළමු පියවර බව නිපෝන් ලංකා සමාගම සඳහන් කරයි.

දේශීය වෙළෙඳපොළේ අලෙවිය සඳහා ඇති තීන්ත වර්ග අතරින් මෙසේ ග්‍රීන් ලේබල් සහතිකකරණය ලැබීමට සමත්වී ඇත්තේ මෙම නිපෝන් තීන්ත වර්ග දෙක පමණි.

1999 සිට සිංගප්පූරු පාරිසරික කවුන්සිලයෙන් පරිපාලනය වන ග්‍රීන් ලේබල් ක්‍රමය සිංගප්පූරුවේ ප්‍රමුඛතම පාරිසරික ප්‍රමිති සහතිකය වේ.

 

Rate this item
(1 Vote)