May 17, 2024

ටච්වුඩ් හිමිකරුවන් අල්ලන්න රතු නිවේදනයක් !

ටච්වුඩ් ප්‍රයිවට් ලිමිටඩ සහ ටච්වුඩ් ඉන්වෙස්මන්ට් යන ආයතන සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහ අධිකරණයේ විභාග වන නඩුවේ, අදාළ නම්වලින් පෙනී සිටින සමාගම රජයට ගෙවිය යුතු ගෙවීම් (ETF/EPF සහ අනෙකුත් ගෙවීම්) සම්බන්ධයෙන් විගණනයක් සිදු කරන ලෙස අධිකරණය විසින් නියෝග කර තිබෙනවා.

ඒ අනුව යළිත් වරක් නඩුව කැඳවීමට නියමිත අතර ගණුදෙනුකරුවන්ගේ සංගමයේ නීතිඥවරයා පවසන්නේ ටච්වුඩ් සමාගම හේතුවෙන් අගතියට පත් මුළු ආයෝජකයන් සංඛ්‍යාව 13,000 ක් පමණ වන බවයි.

එය රුපියල් බිලියන 25 ක දැවැන්ත මූල්‍ය වංචාවක් බවද පෙන්වා දෙන ගණුදෙනුකරුවන්ගේ සංගමයේ නීතිඥවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ ඉන් ඇතැම් ආයෝජකයන් තවමත් මෙම වංචාව සම්බන්ධයෙන් නොදන්නා බවයි. කෙසේ වෙතත් ඉදිරියේ දී එකී සියලු ආයෝජකයන් සම්බන්ධ කරගනිමින් අධිකරණය වෙත පැමිණිමට බලාපොරොත්තු වන බව හෙතෙම පවසයි.

මූල්‍ය වංචාවෙන් අනතුරුව රටින් පිට වී සිටින ටච්වුඩ් හිමිකරුවත් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනයක් නිකුත් කරවා ගැනීමටද එම ගණුදෙනුකරුවන් සූදානම් වෙයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 07 June 2014 17:22