May 17, 2024

ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ අක්‍රීය ණය දැවැන්ත ලෙස ඉහළට.

සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා පහසුකම් සැලසීමට පිහිටවූ ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ අක්‍රීය ණය අනුපාතය 2013 වසර අවසන් වනවිට සියයට 46.7 ක් දක්වා විශාල ලෙස වැඩිවී තිබෙන බව අනාවරණය වේ.

2012 දී බැංකුවේ අක්‍රීය ණය අනුපාතය පැවතුණේ සියයට 45.8 ක් ලෙසයි.මේ නිසා, බැංකුවේ දුර්වල තත්ත්වයේ තිබෙන ණය පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීමට රජය අදහස් කර ඇත.

 මෙම බැංකුව සතුව ශාඛා 08 ක් තිබෙන අතර එහි තැන්පතු පදනම ගිය වසර අවසන් වනවිට රුපියල් මිලියන 228 ක් දක්වා සියයට 05 කින් අඩුවී තිබීමද කැපී පෙනේ.මීට අමතරව, බැංකුවේ ණය කළඹ රුපියල් මිලියන 2,461 ක් දක්වා සියයට 2.5 කින් අඩුවී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Saturday, 07 June 2014 14:20