May 17, 2024

ආසියානු ඵලදායිතා සංවිධානයේ සම්මන්ත‍්‍රණය 16 ඇරඹේ 

ආසියානු හා පැසිෆික් කලාපීය රටවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් වාර්ෂික ව පැවැත්වෙන "ආසියානු ඵලදායිතා සංවිධානයේ සම්මන්ත‍්‍රණය" 16 වැනි දා සිට 20 වැනි දා දක්වා දෙහිවල මවුන්ට් ලැවීනියා හෝටලයේ දී පැවැත් වේ.

එහි සමාරම්භක උළෙල ජූනි 16 වැනි දා පෙරවරු 09.00ට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

"දේශීය කෘෂි කර්මාන්තය හා ආහාර කර්මාන්තයේ සංවර්ධනය උදෙසා සහයෝගිතා ප‍්‍රවර්ධනය" යන්න මෙවර සම්මන්ත්‍රණයේ තේමාව වේ.

එම සම්මන්ත‍්‍රණය සංවිධානය කිරීම හා සත්කාරක සේවා කි‍්‍රයාත්මක කිරීමේ වගකීම කෘෂිකර්ම අමාත්‍යාංශය සිදු කරයි.

Rate this item
(0 votes)