May 17, 2024

ප්‍රථම වරට මොබිටෙල් වෙතින් නවීණ තාක්ෂණයක් ශ්‍රී ලංකාවට

මොබිටෙල් ආයතනය සිය ව්‍යාපාර විසඳුම් අංශය (Mobitel Business Solutions) මගින් m Automotive යටතේ අති ධ්වනික ඉන්ධන සංවේදක (ultrasonic Fuel Sensor) නමැති නවීණ තාකක්ෂණය හඳුන්වාදීමට පියවර ගෙන ඇත.

වාහනවල ඉන්ධන පාරිභෝජනය පිළිබඳ අධීක්ෂණය කිරීමට කාර්යක්ෂ් ම මෙන් ම විශ්වසනීය අත්දැකීමක් එම ක්‍රමවේදයෙන් අත්විඳීමට අවස්ථාව සැලසේ.

එම තාක්ෂණය මෝටර් රථ, වෑන්, බස්, බර වාහන සහ සෙසු ප්‍රවාහන මාධ්‍ය සඳහා යොදා ගැනීමට ද හැකි වේ.

එමගින් වාහනයකට නැවත ඉන්ධන පිරවුම් සිදු කරනවිට එය ඩිජිටල් තාක්ෂණය ඔස්සේ වාර්තා කෙරෙන අතර තිබෙන ඉන්ධන ප්‍රමාණය පිළිබඳ එලෙසින් ම වාර්තා කෙරේ.

එමගින් ඉන්ධන කළමනාකරණයේ දී ඇතිවන දූෂණ ක්‍රියා අවමවන අතර සම්පත් නාස්තිය වළකමින් මෙහෙයුම් ඵලදායිතාව ද ඉහළ යන බව වාර්තා වේ. 

 

Rate this item
(0 votes)