May 17, 2024

හමීඩියා ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය සමරන්නට සූදානම්.

මෙරට ප්‍රධාන පෙළේ පිරිමි නිමි ඇඳුම් වෙළඳ සමාගමක් වන හමීඩියා හි වෙළඳ කළමණාකාරීත්වය
2014 ජාත්‍යන්තර පියවරුන්ගේ දිනය වෙනුවෙන් ‘My Friend’ නමින් නව වැඩසටහනක් දියත්
කර තිබේ.
ජුනි මස 15 වැනි දින පැවැත්වීමට සංවිධානය කර තිබෙන මෙම වැඩසටහන නිසි රැකවරණයක්
නොමැති දරු දැරියන් සහ අඩු පහසුකම් සහිත පවුල්වල දරු දැරියන් සමඟ එක්ව සමරන්නට කටයුතු යොදා ඇත.

හමීඩියා හි වෙළඳ කළමණාකාරීත්වය කොළඹ එක්සෙල් වර්ල්ඩ් හි පැවැත්වීමට සූදානම් වන මෙම වැඩසටහනට
ඔවුන්ගේ විශේෂිත ගණුදෙනුකාර පාරි‍බෝගිකයන්ටත් ආරාධනා කිරීමට සූදානම්.

මෙම වැඩසටහනින් එම දරු දැරියන්ගේ අධ්‍යාපනික මට්ටම සහ එම පවුල්වල ආර්ථික මට්ටම වැඩිදියුණු
කිරීමටත් අපේක්ෂිතයි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 04 June 2014 09:52