May 17, 2024

Huawei සහ සිංගර් Honor 3C හඳුන්වාදෙයි.

Huawei ටෙක්නොලජීස් ලංකා (පෞද්) සමාගම සහ Huawei ජාතික බෙදාහැරීම්කරු වන
සිංගර් ශ්‍රී ලංකා සමාගම විසින් මැදි පරාසයේ ස්මාර්ට්ෆෝන් ‍මාදිලි පෙළක් මෙරට
වෙළඳපොලට හඳුන්වා දෙනු ලැබුවා.ඒ Huawei Honor 3C, Ascend Y600,
Ascend G730, Ascend G6 සහ මීඩියා පෑඩ් යූත් ස්මාර්ට්ෆෝන් යන මාදිලිය.

මෙහිදී ජනප්‍රිය හිප්හොප් ගායක, සංගීත අධ්‍යක්ෂක ඉරාජ් වීරරත්න ශ්‍රී ලංකාවේ ප්‍රථම
Huawei ස්මාර්ට්ෆෝන් අන්තර්ජාල අලෙවි තානාපති ලෙස පත් කෙරුණු අතර ඔහුට
පළමු Huawei Honor 3 ස්මාර්ට්ෆෝනය නිල වශයෙන් පිළිගැන්වීමද සිදු විය.

මෙරට මැදි පරාසයේ ස්මාර්ට්ෆෝන් වෙළඳපොල තුළ නව පෙරළියක් ඇති කරන්නට
Huawei නව මාදිලිවලට හැකියාව පවතින බව පෙන්වා දෙන Huawei ටෙක්නොලජීස්
ලංකා (පෞද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඩැනියෙල් සුන් මහතා වැඩි දුරටත්
සඳහන් කරන්නේ Huawei Honor 3C ස්මාර්ට්ෆෝන් ප්‍රථම වර‍ට හඳුන්වා දී පැය 36 ක්
ඇතුළත මිලියන 1.5කට අධික ඉල්ලුමක් ඒ සඳහා පැවැති අතර පසුගිය කාර්තුවේ දී
ආසියාව තුළ මපණක් පූර්ව ඇණවුම් මට්ටමේ වෙන් කිරීම් මිලියන 8 කට අධික සංඛ්‍යාවක්
වාර්තා වී ඇති බවයි.

Rate this item
(1 Vote)