May 17, 2024

ආර්ථිකය ධනාත්මකයි. - ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් කියයි.

අපනයන ශක්තිමත්වීමත් සමඟ මෙරට ආර්ථිකය ධනාත්මක ප‍්‍රගතියක් අත්කරගෙන
ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  මහ බැංකුවේ ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවකදී
ප‍්‍රකාශ කළා.මැයි 20 වන දා සිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ශ‍්‍රී ලංකා‍වේ
රැදී සිටින්නේ සාමාජික රටවල් සමඟ නිරන්තයෙන් සිදුකරන අදහස් හුවමාරු කිරීමේ
සාකච්ඡා වෙනුවෙන්. මේ කාලය තුළ රජයේ මහ බැංකුවේ සහ සිවිල් සමාජයේ
නියෝජිතයන් මෙන්ම පෞද්ගලික අංශයේ නියෝජිතයන් සමඟ ද  ඔවුන්සාකච්ඡාවක්
පවත්වා තිබෙනවා.
මෙහිදී ලද නිරීක්ෂණයන් මූල්‍ය අරමුදලේ විධායක කමිටුව වෙත
ජුනි මාසයේදී ඉදිරිපත් කිරීමට ද ඔවුන් බලාපොරොත්තු වනවා.
2013 වසරේ ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය සැලකූ විට එය අපේක්ෂාවන් අභිබවා ගිය වසරක්
ලෙස සැලකිය හැකි බවද එකී නිරීක්ෂණ තුළින් හෙළි වී තිබෙනවා.
ආර්ථික වර්ධනය සියයට 7.3 ඉක්ම වූ අතර උද්ධමනය සියයට 5ක මට්ටමකට පහත වැටී තිබෙනවා.
ඔවුන් එහිදී වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ අපනයන ඉහළ යාමෙන් ආර්ථිකයේ සුබදායි
වර්ධනයක් සිදුව ඇති බවත් එමෙන්ම නුදුරු මෑත කාලයේ එනම්, 2014 වසරේදී ද
ශ‍්‍රී ලංකාව ධනාත්මක වර්ධනයක් අත්කර ගන්නා ලකුණු දැක ගත හැකි බවයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 31 May 2014 09:02