May 17, 2024

මාතරට ගෙවතු වගා වැඩසටහන් 

මාතර දිස්ත‍්‍රික්කය තුළ ග‍්‍රාමීය කෘෂි ආර්ථික, අලෙවි ප‍්‍රවර්ධන, වාණිජ කොරටු සහ ගෙවතු වගා වැඩසටහන් 2014 වසරේ දී ක‍්‍රියාත්මක කිරීමට ශ‍්‍රී ලංකා හදබිම අධිකාරිය කටයුතු යොදා ඇත.

එම වැඩසටහන මාතර දිස්ත‍්‍රික්කයේ වැලිගම, වැලිපිටිය, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ හා පිටබැද්දර යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ක‍්‍රියාත්මක කිරීමට නියමිතයි. 

ඒ අනුව සැප්තැම්බර් 09 වැනි දා සිට 18 වැනි දා  දක්වා ක‍්‍රියාත්මක කෙරෙන ජාතික ගොවි සතියට සමගාමී ව එම වැඩසටහන ක‍්‍රියාත්මක කෙරේ. 

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සංකල්පයකට අනුව ක‍්‍රියාත්මක කෙරෙන එම වැඩසටහනට අවශ්‍ය ප‍්‍රතිපාදන කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් සහ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතාගේ විමධ්‍යගත අරමුදලෙන් ලබා දී ඇත.

Rate this item
(0 votes)