May 17, 2024

ඇමතුම් ගැනීමේ පහසුකම කොකාකෝලා මූඩියෙන් 

සිසිල් බීම වෙළෙඳ නාම අතරේ ලොව දැවැන්තයාවන කොකා කෝලා සමාගම ඩුබායිහි පිහිටා ඇති කම්කරු කඳවුරු සඳහා අපුරු දුරකතන කුටි වර්ගයක් හඳුන්වා දී ඇත.

"හෙලෝ හැපිනස්" ලෙස එම වැඩසටහන හඳුන්වා තිබේ.

ඩුබායිහි ඇති කම්කරු කඳවුරුවලට විවිධ රටවල සිට කම්කරුවන් පැමිණෙන අතර ඩුබායිහි දී ඔවුන්ට දිනකට ඩොලර් 06 ක මුදලක් උපයාගත හැකි ය.

එහෙත් ඔවුන්ට මව් රටට දුරකථන ඇමතුමක් ලබාගැනීමට ඩොලර් 0.91 වැනි මුදලක් වැයවීම හේතුවෙන් කොකා කෝලා සමාගම එම අපූරු දුරකතන කුටි හඳුන්වා දී ඇත.

එහි දී එම කම්කරුවන්ට කොකා කෝලා බෝතලයක මූඩියක් දුරකතන කුටියට ඇතුළත් කිරීමෙන් විනාඩි 03 ක අන්තර්ජාතික ඇමතුමක් නොමිලේ ලබාගත හැකි ය. 

එය පැහැදිලි කෙරෙන කොකා කෝලා සමාගමේ වීඩියෝව බලන්න පහළින්,

Rate this item
(0 votes)