May 17, 2024

"Touchwood" ගණුදෙනුකරුවන්ගේ බිලියන 10 ක් ගිලී ද?

Touchwood සමාගම් සමූහය ගණුදෙනුකරුවන්ට රුපියල් බිලියන 10 ක මුල්‍ය වංචාවක් සිදුකර ඇත්දැයි තීරණය කෙරෙන නඩු තීන්දුව එළඹෙන ජුනි මස 06 වැනි දා කොළඹ වාණිජ මහාධිකරණයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.මෙම මුල්‍ය වංචාවට හසු වූ බොහෝ පිරිස ශ්‍රී ලංකාවේ වෙසෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වනඅතර තවත් පිරිසක් මැදපෙරදිග වෙසෙන ශ්‍රී ලංකිකයන්ය.ශ්‍රී ලංකාව තුළ මහ බැංකුවේ විචල්‍යතා අවස්ථා පවතින කාලවලදී සිය ධූතයන් හරහා පැමිණ සිත්ගන්නා සුඵ පොලී අනුපාතිකයන් හා ප්‍රතිලාභයන් පෙන්වා Touchwood දිගු කාලීන ආයෝජන ලෙස තේක්ක,මැහෝගනී,සුදු හඳුන් සහ වැනිලා වැනි බෝග වගා කරනු ලබන බව එම නඩුවේදී හෙලිවුබව වංචාවට හසු වූ ගණුදෙනුකරුවන් වෙනුවෙන් පෙනී සිටින නිතීඥ ලක්ෂාන් ඩයස් මහතා පවසයි.

කොළඹ කොටස් වෙළඳපොළ ගණුදෙනුකාර සමාගමක් ලෙසට පෙනී හිඳිමින් මෙලෙස ගණුදෙනුකරුවන්ගෙන් මුදල් ඉපයූවා යැයි පැවසෙන Touchwood, කොටස් වෙළඳපොළට ගිණුම් වාර්ථා සැපයීම මග හැරීම හේතුවෙන් කොටස් හා විනිමය සුරැකුම් කොමිසම එකී සමාගමේ සියලු ගිණුම් අත්හිටුවා නිවේදනයක් නිකුත් කිරීමට පියවර ගනී.ඒ අනුව Touchwood හි ගණුදෙනුකරුවන් සිය ආයෝජන ලෙස ලබා දුන් අති විශාල මුදල් නැවත ලබා ගැනීමේ දැඩි අර්බුදයකට මුහුණ දී, අවසානයේ කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පවරන්නේ සමාගම ඇවර කර සිය මුදල් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් බවයි Touchwood සමූහයේ මුල්‍ය වංචාවට හසු වූ ගණුදෙනුකරුවන් වෙනුවෙන් පෙනී සිටින නිතීඥ ලක්ෂාන් ඩයස් මහතා asianmirror.lk වෙත සදහන් කළේ.

 

Rate this item
(0 votes)
Last modified on Friday, 30 May 2014 14:16