May 17, 2024

අප්‍රේල් මස තුළ අපනයන ආදායම ඉහළට

පසුගිය අප්‍රේල් මාසය තුළ ශ‍්‍රී ලංකාව ලැබූ අපනයන ආදායම අමෙරිකන් ඩොලර් බිලියන 1.67ක් බවත් එය මෙතෙත් ශ‍්‍රී ලංකාව එක් මසක් තුළ ලැබු ඉහළම ආදායම බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

මෙවැනි අපනයන ආදායමක් ලබා ගැනීමට අලූතින් ඉදිකරන ලද අධිවේගී මාර්ග ඇතුළු මාර්ග පද්ධතියේ සංවර්ධනයද බෙහෙවින් ඉවහල් වූ බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා ඇෆ්ගනිස්ථානය, ජර්මනිය,මාලදිවයින ඇතුළු රටවල් එකොළහකට තානාපතිවරුන්,මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය තාන්ත‍්‍රික නිළධාරීන් ලෙස පත්වීම් ලබා ශ‍්‍රී ලංකාවෙන් නික්ම යාමට නියමිත පිරිස අමතමින් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදීය.

 

Rate this item
(0 votes)