May 17, 2024

ස්වයං පාලන මෝටර් රථයක් 

මෝටර් රථ නිෂ්පාදනයේ නව පෙරලියක් ඇති කරමින් ස්වයං පාලන (self-driving) මෝටර් රථයක් නිපදවීමට ගූගල් සමාගම පියවර ගෙන තිබේ.

එම මෝටර් රථයේ සුක්කානමක් නොමැති අතර රථය ගෙන යාම සඳහා ස්විච්චයක් පමණක් ඇත.

එහි ඉදිරිපස ඉතා මෘදුවන අතර එහි ගැටීමෙන් පදිකයින්ට විශාල අනතුරු සිදු නොවේ.

ලේසර් සෙන්සර්, රේඩාර් සෙන්සර් සහ කැමරා පද්ධතියක් මගින් පාලනයවන එම රථයේ පුද්ගලයින් දෙදෙනෙකුට අසුන්ගෙන ගමන් කළ හැකි ය.

මෝටර් රථයට මාර්ග සම්බන්ධයෙන් දත්ත කවා ඇත්තේ, Google Map විශේෂාංගය හරහා ය.

එම මෝටර් රථය ධාවනය කළ යුතු උපරිම වේගය පැයට කිලෝමීටර් 25කි.

Rate this item
(0 votes)