May 08, 2024

කොටස් වෙළෙඳපොලට අලුත් කෙනෙක් 

කොළඹ කොටස් වෙළෙඳපොල අධ්‍යක්ෂ මණ්ඩලයෙහි නව සභාපතිවරයා ලෙස වජිර කුළතිලක මහතා පත් කර තිබේ.

2014 ජූනි මස 05 වැනි දා සිට ක්‍රියාත්මකවන පරිදි වජිර  කුලතිලක මහතා වැඩ භාරගැනීමට නියමිතයි.

වජිර කුලතිලක මහතා 2009 ඔක්තෝබර් සිට මේ දක්වා කොළඹ කොටස් වෙළෙඳ පොළ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරයි.

NDB Capital Holdings PLC ආයතනයේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කරන ඔහු එහි NDB Investment Bank Limited, NDB Securities Private Limited , NDB Wealth Management Limited සහ බංගලාදේශයේ NDB Capital Limited යන ආයතනවලින් යුත් NDB සමාගම් සමූහයෙහි ආයෝජන බැංකු අංශයෙහි මෙහෙයුම් කටයුතු අධීක්ෂණය ද සිදු කරයි.

NDB Investment Bank Limited හි සේවයට පෙර CKN Fund Management Private Limited හි ප්‍රධාන විධායක නිලධාරී ලෙස ද ඔහු කටයුතු කර තිබේ.

Rate this item
(0 votes)