May 07, 2024

ජගත් නිර්මාණ සම්මානයට අයදුම්පත් භාර ගැනේ

2014 ජාත්‍යන්තර විශ්ව සමුළු ජංගම යෙදවුම් නිර්මාණ සම්මාන ප්‍රදානෝත්සවය සදහා අයදුම්පත් බාර ගැනීම ලබන මස 5 වැනි දා දක්වා සිදු කෙරෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

එම්- රාජ්‍ය පාලනය හා සහභාගිත්වය, එම්- පරිසරය හා සෞඛ්‍යමය, එම්- ඉගෙනුම් හා අධ්‍යාපනය, එම්- විනෝදාංශ හා ජීවන රටාවල එම්- සංචාරය හා සංස්කෘතිය, එම්- මාධ්‍ය හා ප්‍රවෘත්ති, එම්- ව්‍යාපාරික හා වානිජ්‍ය, එම්- අන්තර්ග්‍රහණය හා බලගැන්වීම යන අංශයන් යටතේ මේ සදහා නිර්මාණ ඉදිරිපත් කළ හැකි බව නියෝජිතායතනය පෙන්වා දේ.

 www.icta.lk/wsa වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 0112369099 දුරකථන අංකයට ඇමතීමෙන් මේ පිලිබද වැඩි තොරතුරු දැනගැනීමට හැකිවේ.

ලබන වසරේ පෙබරවාරි මාසයේ අබුඩාබියේදී මෙම සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්වීමට නියමිතව තිබේ. 

   

Rate this item
(0 votes)