May 03, 2024
Main

Main (651)

ප්‍රතිපත්ති සුරකින සෘජු නායකත්වයක් අපි ඉදිරියේ දී බිහිකළ යුතු බව හිටපු ආරක්ෂක අමාත්‍ය ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඒ ගම්පහ පැවති එළිය වැඩසටහනට සහභාගි වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

"පළමුවෙන්ම මම කියන්න කැමතියි අපේ ඉතිහාසය, වර්තමානය ගැන කතා කරන්න පුළුවන් නමුත් ඉතාම වැදගත් වන්නේ අපේ අනාගතය සකස් කරගත යුත්තේ කෙසේද යන කතිකාව කරළියට ගෙනඑන එකයි. පසුගිය සතියේ මට මුණ ගැසුණා ආර්ථික වශයෙන් ඉහළම මට්ටමක තිබෙන ආසියානු රටක රාජ්‍ය තාන්ත්‍රික ප්‍රභූවරයෙක්. අපි කවුරුත් දන්න දෙයක් මම එතුමාට කිව්වා. එදා මහින්ද රාජපක්ෂ යුගයේ දී අපේ රටේ සංවර්ධනට විශාල වශයෙන් චීනය උදව් කළා. ඒ වගේම අපේ රට පිහිටලා තියෙන්නේ භූ දේශපාලනිකව ලෝකයේ ඉතාම වැදගත් තැනක. ඒ හේතුවෙන්ම චීනය අපි සමග ඉතා කිට්ටුවෙන් වැඩ කිරීම සම්බන්ධව ලෝකයේ බලවත් රටවල් ටිකක් කලබල වුණ බවත් අපි දන්නවා. නමුත් අපි අපේ රට චීනයට උකසට තියන්න ගියේ නෑ. අපි අපේ රටේ ස්වෛරීභාවය, නිදහස්භාවය ගැන හොඳ අවබෝධයකින් තමයි කටයුතු කළේ. මම ඔහුට කිව්වා යම් යම් චෝදනා නගනවාට වඩා තාක්ෂණික අතින් ඉහළින්ම සිටින ඔබගේ රටට පුළුවන් අපේ රටේ ආයෝජනය කරන්න. නිපුණත්වයෙන් ඉහළ තරුණ පරපුරක් අපේ රටේ සිටිනවා කියලා."

"එහිදී එතුමා මට කිව්වා විදේශ ආයෝජකයන්ට පමණක් නෙවෙයි දේශීය ආයෝජකයන්ට පවා පහසුවෙන් ආයෝජනය කරන්නට පැහැදිලි පරිසරයක් නිර්මාණය වෙලා තියෙන්න ඕනෑ කියලා. එතුමා කිව්වා ඔබේ රටේ පළමුවෙන්ම ස්ථාවර රාජ්‍යයක් තිබිය යුතුයි කියලා. මටත් කියන්න තියෙන්නේ ඒක ඉතාම පැහැදිලි සත්‍යයක්. එවැනි ස්ථාවරත්වයක් එදා මහින්ද රාජපක්ෂ රජයේ තිබුණු නිසා තමයි ඔබ අද කොළඹට ගියවිට දකින මහා ආයෝජනයන්ට ඉඩ සැලසුණේ. අපිත් අනාගතයේ දී ඇති කළ යුතු පළමු දේ තමයි ස්ථාවර රටක්. එහෙම නැතිව කිසිවෙකු තුළ අපේ රට පිළිබඳ විශ්වාසයක් ගොඩනගන්නට බෑ. අද අපේ රටේ පවතින අස්ථාවරභාවය නිසා අපේ රටේ ආයෝජකයන් පවා වෙනත් රටවල ආයෝජන කරන්න පෙළඹිලා තියෙනවා. ඊළගට ප්‍රතිපත්ති වල ස්ථාවරභාවයත් ඉතා වැදගත්. ඇමතිවරු මාරුවෙනකොට ප්‍රතිපත්ති මාරුවෙන්න බෑ. එදා යුද්ධෙ ඉවර කරනවා කියලා අපි ගත්ත ප්‍රතිපත්තිය යුද්ධය අවසාන වන තුරු රැක්කා. කෘෂිකර්මාන්තය පිළිබඳ ස්ථිර ප්‍රතිපත්තියක සිටියා. ඒ හරහා අපිට පුළුවන් වුණා රට සහලින් ස්වයංපෝෂිත කරන්නට."

"යටිතල පහසුකම් දියුණු කරන්නටත් මහින්ද රාජපක්ෂ මැතිතුමා නිසි ප්‍රතිපත්තියක සිටියා. හැබැයි වර්තමාන රජය පැමිණි විගස ඒවා සියල්ල නතර කළා. රජයක් වෙනස් වූ පමණින් එසේ ප්‍රතිපත්ති වෙනස් වෙනවානම් ආයෝජකයන් අපේ රටට පැමිණෙයි ද ? ඒක තමයි පසුගිය වසර හතර හමාරක් තුළ කිසිදු වැදගත් ආයෝජකයෙක් මේ රටට ගේන්න බැරිවෙලා තියෙන්නේ. අපි හදන්න ඕනේ ජාතික ප්‍රතිපත්තියක්. විනිවිද භාවයත් ඉතා වැදගත්. ඕනෑම දෙයක් වැරදියට කළොත් හරි ප්‍රතිඵලයක් එන්නේ නෑ. කවුරු චෝදනා කළත් යුද්ධය අවසාන කිරීමේ හරි ප්‍රතිඵලයක් අපිට ආවේ අපි ඒක හරියට කළ නිසා. එදා අපිට චෝදනා කළා මිග් යානා ගනුදෙනුව ගැන. මම කියන්න කැමතියි මේක තමයි අපේ හමුදා ඉතිහාසයේ ඉතා ඉහළම විනිවිදභාවයෙන් කළ ගනුදෙනුව. එදා යුද සමයේ ආයුධ මිලදී ගැනීමේ සෑම ගනුදෙනුවකම ඉතා ඉහළ විනිවිදභාවයක් තිබුණා. ඒ වගේම නිසි වෙලාවට නිසි තීරණ ගන්න පුළුවන් නායකයන් රටට සිටිය යුතුයි. මේ කාරණා සම්පූර්ණ වෙනවානම් ආයෝජකයන් ඔවුන්ගේ ආයෝජන කරන්න පැකිලෙන්නේ නෑ. අපේ රට දියුණු කරන්නට නම් ඉදිරියේ දී අපි නායකයෙක්, රජයක් තෝරනවිට මෙන්න මේ කරුණු සාක්ෂාත් කරගන්න පුළුවන්, විශ්වාසවන්ත පුද්ගලයෙක් තෝරගන්න අවශයයි."

"වර්තමාන රජය අවුරුදු හතරහමාරක් තිස්සේ මහා පරිමාණ සැලසුම් ගැන කතා කරනවා. නමුත් අද වෙනකම් ඒවා ක්‍රියාත්මක වෙලා නෑ. එදා අපේ කාලයේ සමහර විට තීරණ ගැනීමට අවුරුදු දෙක තුන ගතවෙන ආයෝජන සතිදෙකෙන් තීරණ අරගෙන නිමා කරලා ඔවුනට ආයෝජනය කරන්න ඉඩ සලසලා දුන්නා. මේවගේ සැලසුම් තමයි අපි නැවතත් ගෙන එන්නට අවශ්‍ය. අපේ ඉදිරි සැලසුම් අපි දැන් හදමින් යනවා. ඉදිරි කාලයේ දී අපේ රජයක් පත්වූ විගස ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන්. එදා බැසිල් රාජපක්ෂ මැතිතුමා නව පක්ෂයක් බිහිකරලා ඉතිහාසය වෙනස් කරමින් පක්ෂය මුහුණදුන් පළමු ඡන්දයෙන්ම විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර දීලා අපට අවශ්‍ය දේශපාලන පදනම අදවන විට සකස් කරලා තියෙනවා. එත් එක්කම අපිට ස්ථාවර රාජ්‍යයක් ගොඩනගන්නට අවැසි සෘජු නායකත්වයක් බිහිකරන විශාල වගකීමක් ඔබලාගේ උරමත තිබෙනවා ඉදිරියේ දී.  මම දැක්කා බැසිල් රාජපක්ෂ මැතිතුමා කියලා තියෙනවා අපි ජයග්‍රහණය කරවන්නේ මිනිස්සු නෙවෙයි ප්‍රතිපත්ති කියලා. එයයි විය යුත්තේ. ඒ නිසා 2015 අපේ පරාජයත් සමග රටට නැතිවුණ ප්‍රතිපත්ති නැවත ගෙනඑන්න අපේකම දන්න, අපේ සංස්කෘතියට ගරුකරන, ජාතිකත්වය අගය කරන, ඉතිහාසය හඳුනන, ඉතිහාසයේ වැඩකරලා පෙන්වපු නායකත්වයක් රටට නැවතත් ගෙන එන්නට පෙළගැසෙන්න කියලා මම ඔබගෙන් ඉල්ලා සිටින්නට කැමති." යනුවෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසිය.

 

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන්ට හැකි ඉක්මණින් අමාත්‍යධූර දිය යුතු බව ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන් ප්‍රබල ඉල්ලීමක් කර තිබේ.

ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරු ඉහත ඉල්ලීම කරනු ලැබුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී දිර්ඝ ලෙස අදහස් දක්වනු ලැබිණි.

මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිගෙන් පිහිටවනු ලැබු දින 52 ක ව්‍යාජ ආණ්ඩුව පැවැති සමයේ පාලිත රංගේ බණ්ඩාර මහතාගෙන් සිදුවූ සේවය ද එහිදි ප්‍රකාශ වී ඇත.

තිබෙන ගැටළු හැකි ඉක්මණින් විසඳා ගනිමින් ජාතික ආණ්ඩුව පිහිටුවා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා හා පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරුන්ට අමාත්‍යධූර දිය යුතු බවට එහිදී අවධාරණය කර තිබේ. 

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධුෂ් මෙරටට භාරදිය හැක්කේ ඔවුන් සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන අධිකරණ ක‍්‍රියාවලියේදී එරට නීතිරීති අනුව ඔහු වරදකරු නොවුණහොත් පමණක් බව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්‍ෂක බලධාරීන් විසින් ශ‍්‍රී ලංකා ආරක්‍ෂක බලධාරීන් වෙත දැනුම් දී ඇත.
 
 මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මධුෂ් ඇතුළුව අත්අඩංගුවට ගත් පිරිසට එරෙහිව අධිකරණ කටයුතු ආරම්භ වී ඇති අතර එහිදී ඔවුන්ගේ රුධිර සාම්පල පරීක්‍ෂා කර තිබේ.
 
 එහිදී එම පිරිසෙන් කොටසක් තහනම් මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට එම වෛද්‍ය පරීක්‍ෂණවලදී තහවුරු වී තිබේ.
 
 එරට නීතිය අනුව තහනම් මත්ද්‍රව්‍ය භාවිතය හා ළඟ තබාගැනීම යන වරදවල් දෙකම මරණීය දණ්ඩනය ලබාදිය හැකි වරදවල් වේ.
 
 මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයකු පැවසුවේ ශ‍්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ එරට විදේශ කටයුතු අමාත්‍යාංශය සමඟ මධුෂ් ඇතුළු පිරිස මෙරටට ගෙන්වා ගැනීමට සාකච්ඡා සිදුකරගෙන යන බවයි.

මාකදුරේ මධුෂ් සමඟ ඩුබායිහිදී අත්අඩංගුවට ගත ජනප්‍රිය ගායක අමල් පෙරේරා මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවට කෙරෙන පරීක්ෂණයේ වාර්තාව මෙතෙක් පැමිණ නොමැති බව ඔහු වෙනුවෙන් පෙනී සිටීමට එරටට ගොස් සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා ඩුබායි සිට ඒෂියන් මිරර් වෙබ් අඩවිය වෙත සඳහන් කළේය.

ඩුබායිහි සිට තොරතුරු ගෙන එමින් ඔහු පැවසුවේ අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා අදාළ අවස්ථවේ මත්ද්‍රව්‍ය භාවිත නොකළ බව රුධිර සාම්පල වාර්තාව මඟින් සනාථ කර ඇති බවයි.

අමල් සහ නදිමාල් පෙරේරා ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායකයින් බවට තමන් විසින් ඩුබායි පොලිසියට පෙන්වා දීමට කටයුතු කළ බව නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ඒ සඳහා යූටියුබ් විව්ස් උපකාරී වූ බවයි.  

මධුෂ් ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ නවතම සත්‍ය තොරතුරු නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා සම්බන්ධ කරගෙන ගෙන ඒමට ඒෂියන් මිරර් සූදානම්.

එම තොරතුරු ලද සැනින් දැනගන්න , අපගේ ෆේස් බුක් පිටුවට පහතින් LIKE කරන්න 

අද (12) සිට ඉන්ධන මිල ඉහළ දැමීමට ඉන්ධන මිල සුත්‍ර කමිටුව තීරණය කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් (92) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6කින් ද ඔක්ටේන් (95) වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 5කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 4කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 08 කින් ඉහළ දමා ඇත.

ඒ අනුව නවතම මිල ගණන් අනුව ඔක්ටේන් (92) වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 129ක් සහ ඔක්ටේන් (95) වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රුපියල් 152ක් වේ.

ඔාටෝ ඩිසල් ලීටරයක නවතම මිල රුපියල් 103ක් වන අතර සුපිරි ඩිසල් ලීටරයක මිල රුපියල් 126ක් ලෙස ඉහළ ගොස් තිබේ.

 

ඉන්ධන වර්ගය

වත්මන් මිල

සංශෝධිත මිල

මිලෙහි වෙනස

ඔක්ටේන් 92 පෙට්‍රල්

123/=

129/=

6/=

ඔක්ටේන් 95 පෙට්‍රල්

147/=

152/=

5/=

ඔටෝ ඩීසල්

99/=

103/=

4/=

සුපිරි ඩීසල්

118/=

126/=

8/=

කෙසේ වෙතත් මුදල් අමාත්‍යාංශය පවසන්නේ පවත්නා ජාත්‍යන්තර මිල අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 9.59කින් ඉහළ දැමිය යුතු වුව ද ජනතාවට සහ ප්‍රවාහන ක්ෂේත්‍රයට අයහපතක් නොවන අයුරින් ඩීසල් ලීටරයක මිල රුපියල් 4.00කින් ද ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6.00කින් ද ඉහළ දැමු බවය .

ඉන්ධන මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් මුල් වරට හඳුන්වා දෙනු ලැබුවේ 2018 මැයි මාසයේ දී ය. 2018 මැයි මස ඉන්ධන මිල සූත්‍රය හඳුන්වා දීමට පෙර ජාත්‍යන්තර වෙළෙඳපොලේ ඇ.ඩො. 77.50ක් වූ බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 84 දක්වා වැඩි විය. ඉන් පසුව නොවැම්බර් 10 වන විට ඇ.ඩො. 70 දක්වා අඩු වූ අතර අවසන් වරට ඉන්ධන මිල අඩු කළ ජනවාරි 10 වන විට බොරතෙල් බැරලයක මිල වූයේ ඇ.ඩො. 53කි. බොරතෙල් බැරලයක මිල අද වන විට නැවතත් ඇ.ඩො. 61 දක්වා ඉහළ ගොස් තිබේ. මෙම කාලය තුළ ශ්‍රී ලංකාවේ ද මිල ගණන් එම ජාත්‍යන්තර මිල අනුව සිව්වරක් වැඩි කරන ලද අතර පස් වතාවක් අඩු කරනු ලැබීය.

කෙසේ වෙතත් 2018 මැයි මාස ප්‍රථම වරට මිල සංශෝධනය කළ අවස්ථාවේ දී ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල දැක් වූයේ රුපියල් 137/=ක් ලෙසිනි. අද වන විට එම මිල රුපියල් 129/= දක්වා අඩු වී ඇත. ඩීසල් ලීටරයක මිල 2018 මැයි මාසයේ දී රුපියල් 109ක් ලෙස පැවැති අතර අද වන විට එය රුපියල් 103 දක්වා අඩු වී ඇත.

එහෙත් බස් ගාස්තු, ත්‍රිරෝද රථ ගාස්තු ඇතුළු අනෙකුත් ගාස්තු මෙම කාලය තුළ ඉන්ධන මිල වැඩීවීමට සාපේක්ෂව වැඩි ප්‍රතිශතයකින් අසාධාරණ ලෙස වැඩි කර ඇති බව නිරීක්ෂණය වේ. අද දින ඩීසල් සහ පෙ‍ට්‍රල් මිල ඉහළ දැමූව ද 2018 මැයි මස පැවැති මිලට වඩා අඩුවෙන් පවතියි. මෙම සන්දර්භය අනුව බස්, ත්‍රිරෝද රථ සහ අනෙකුත් සේවා ගාස්තු ඉහළ දැමීමට කිසිදු අවශ්‍යතාවක් නැතැයි රජය අවධාරණය කරයි.

මිල සුත්‍රයට අනුව  ඉන්ධන මිල සංශෝධන වූ  ආකාරය පිළිබඳ වගුව පහත දැක්වේ.  

 

 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව  නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් විත්තිකරුවන් ගොනුකර ලද මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළේය.

සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබීය.

තීරණය ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා ප්‍රකාශ කළේ මෙම නඩුව විභාග කරන මෙන් අගවිනිසුරුවරයා විසින් නිකුත් කළ විධානයකට අනුව මෙම නඩු විභාගය පැවැත්වෙන බවයි.

එබැවින් මෙම නඩුව විභාග කිරීමට තම අධිකරණයට තිබෙන බලය සම්බන්ධයෙන් තීරණයක් දීමට තමන්ට හැකියාවක් නොමැති බව ද ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල සිය නියෝගයෙන් අවධාරණය කර සිටියේය.

ඒ අනුව විත්තිය විසින් ඉදිරිපත් කළ අදාළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කළේය.

එමෙන්ම විත්තිය විසින් ඉල්ලා සිටි පරිදි මෙම නඩුව විභාගයට ලෙස දන්වමින් අගවිනිසුරුවරයා විසින් නිකුත් කළ විධානයේ පිටපතක් විත්ති පාර්ශවය වෙත විවෘත කිරීමට ද අධිකරණය නියම කළේය.

එම නඩුව අද කැඳවූ අවස්ථාවේ නඩුවේ 6 වන විත්තිකරු ලෙස නම් කර සිටින මහින්ද සාලිය නැමැත්තා අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ ඔහු අසනීපව රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

ඒ අනුව නඩුව ලබන 22 දක්වා කල් දැමූ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය එදිනට විත්තිකරුවන්ගේ උත්තර ඉදිරිපත් කරන මෙන් ද නියම කළේය.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේ නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර නඩුව ආරම්භ වී සුළු වේලාවකින් ඔහු අධිකරණයට පැමිණියේය.

ඔහුගේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ මාර්ගයේ පැවති අධික වාහන තදබදය හේතුවෙන් ඔහුට නිසි වේලාවට අධිකරණයට පැමිණීමට නොහැකි වූ බවයි.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය වෙත ඉල්ලීමක් කරමින් විත්තිකරුවන්ට නිසි වේලාවට අධිකරණය පෙනී සිටින මෙන් අවවාදයක් කරනමෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල සියලුම විත්තිකරුවන් නිසි වේලාවට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි අවවාද කළේය.

පසුගිය රජය සමයේ, මැදමූලන වීරකැටිය ප්‍රදේශයේ ඩී. ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේදී රුපියල් මිලියන තිස් හතරකට ආසන්න රජයේ මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල කරමින් නීතිපතිවරයා විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

මෙම නඩුව ඉකුත්දා විභාගයට ගත් අවස්ථාවේදී මූලික විරෝධතා මතු කළ විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඇතුළු  විත්ති පාර්ශවයේ නීතිඥවරුන් ව්‍යවස්ථාදායකය විසින් මෙම විශේෂ මහාධිකරණය  ස්ථාපිත කර තිබෙන්නේ බරපතළ ආර්ථික සහ මූල්‍ය වැරදි පිළිබඳ නඩු විභාග කිරීමට බැවින් මෙම නඩුව විභාග කිරීමට එම අධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් කරුණු දක්වා තිබුණි.

මෙම නඩුව සාමාන්‍ය මහාධිකරණය වෙත යොමුකළ යුතු නඩුවක් බව සඳහන් කළ විත්තියේ නීතිඥවරු මෙම විරෝධතා පිළිගෙන නඩුව ප්‍රතික්ෂේප කොට විත්තිකරුවන් නිදහස් කරන මෙන් අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණි.

ඊට ප්‍රතිචාර දක්වමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා සඳහන් කර තිබුණේ මෙම නඩුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ විභාග වීමට සුදුසු බවට අගවිනිසුරුවරයා විසින් තීන්දු කිරීමෙන් අනතුරුව ඔහු විසින් නිකුත් කළ  විධානයකට අනුව මෙම  නඩු විභාගය ආරම්භ වී ඇති බවයි.

මේ හේතුවෙන් විත්තිය විසින් මතුකරන විරෝධතාව පදනම් විරහිත හෙයින් එය ප්‍රතික්ෂේප කොට නඩු විභාගය ආරම්භ කරන ලෙස ද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා තිබුණි.

ඉකුත් රජය සමයේ මැදමූලන ප්‍රදේශයේ දී ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් යොදවා එම මුදල සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා සහ එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ භද්‍රාවතී කමලදාස, සුධම්මික  ආටිගල, සමන් කුමාර ගලප්පත්ති , ඩී මෙන්ඩිස් සාලිය සහ මල්ලිකා කුමාරි සේනාධිර යන අය නම් කර තිබේ.

ජනාධිපතිවරණයට පෙර ස්ථීර වශයෙන්ම පළාත් සභා මැතිවරණය පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රීපාස සිරිසේන මහතා පවසයි.

ඊට අදාළව ව්‍යවස්ථාපිත වශයෙන් මතුව ඇති ගැටලූ නිරාකරණය කර ගන්නා බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ අද (09) පෙරවරුවේ පොළොන්නරුවේ පැවති ජන හමුවක් අමතමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩසටහන යටතේ පොළොන්නරුව දිස්ත්‍රික් මහජන හමුව මෙලෙස අද පාක්ෂිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පොළොන්නරුව නව නගරයේ දී පැවැත්විණි.
 
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ජනාධිපතිවරණය නියමිත කාලයට නියමිත පරිදි පැවැත්වෙන නමුත් ඇතැම් පිරිස් ප්‍රකාශ කරන පරිදි එය බලහත්කාරයෙන් පැවැත්වීමට කිසිවෙකුට නොහැකි බවයි.

රටේ අනාගතයට බලපාන යහපත් තීන්දු තීරණ රැසක් ගැනීමට ඉකුත් සිව් වසර තුළ ජනාධිපතිවරයා ලෙස තමා කටයුතු කළ බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා කියා සිටියේ අද ප්‍රබල සමාජ අභියෝගයක්ව ඇති මත්ද්‍රව්‍ය ජාවාරම සහ අපරාධ මැඩැලීම වෙනුවෙන් ගෙන යන පුළුල් වැඩපිළිවෙළකට මේ වන විට තමා උර දී සිටින බවයි.

ඒ සඳහා පොලිස් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ කිසිදා නොවූ පරිදි ශක්තිමත් කළා සේම එහි තවත් සුවිශේෂී පරිවර්තනයක් ඉදිරි මාස කිහිපය තුළ සිදුකරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

ජන හමුව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ බණ්ඩාරනායක ශ්‍රීමතාණන් එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැඟුවේ දේශපාලන පක්ෂයක් ලෙස නොව නිදහසින් පසු ශ්‍රී ලංකාව දේශීයත්වය සහ අපේකම මුල්කරගත්  රටක් ලෙස ගොඩනැගීමේ පුළුල් බලවේගයක් ලෙස බවයි.

අද දවසේ ද රටේ ස්වාධීනත්වය, නිදහස සහ අපේකම් රැක ගනිමින් රට ගොඩනැගිය හැක්කේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බව සඳහන් කළ ජනාධිපතිවරයා පැවසුවේ කවුරුන් කුමක් කිව්ව ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවිටෙකත් දුර්වල වී නොමැති බවත්, ඉදිරි ආණ්ඩුව පිහිටුවීමේ ප්‍රධාන සාධකය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව කිසිවෙකු අමතක නොකළ යුතු බවත්ය.

බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගෙන් පසුව තමන්ගේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වංචා දූෂණ පිළිබඳ සොයා බැලීමට කොමිසමක් පත් කළ එකම ජනාධිපතිවරයා තමා බව ද මෙහිදී සිහිපත් කළ  ජනාධිපතිවරයා මහබැංකු මංකොල්ලය පිළිබඳ සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිසම සේම   2015-2018 කාලය තුළ රජයේ ආයතනවල සිදුව ඇතැයි පැවසෙන වංචා දූෂණ පිළිබඳ සොයා බැලීමට තමා විසින් පත් කළ ජනාධිපති කොමිසමේ පරික්ෂණ කටයුතු ද ලබන සතිය වන විට ආරම්භ කිරීමට නියමිත බව කියා සිටියේ ය.

මේ අතර පොළොන්නරුව රාජ්‍ය සේවක නිල නිවාස සංකීර්ණයේ පළමු අදියර යටතේ ඉදිකෙරුණු නව ගොඩනැගිල්ල අද පෙරවරුවේ විවෘත කෙරුණේ ද ජනාධිපතිවරය අතිනි. 

පිබිදෙමු පොළොන්නරුව, දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 1500 ක වියදමින් මෙම ගොඩනැඟිලි සංකීර්ණය ඉදිකෙරෙන අතර සම්පූර්ණයෙන් වැඩ නිම වීමෙන් අනතුරුව සමස්ත නිවාස සංකීර්ණය නිවාස 86 කින් සමන්විතය.

ඩුබායිහිදී පාතාල නායක මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට ගනු ලැබූ ශ්‍රී ලාංකිකයන් අතර සිටි රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර හිමියා කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලිසියේ උසස් නිලධාරියෙක් රජයේ පුවත්පතකට ඊයේ (7) පවසා ඇත.

එහිදී අත්අඩංගුවට පත්වූ බන්ධනාගාර නියාමකවරයාද කඹුරුපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවකු බවත් ඔහු කළුතර බන්ධනාගාරයේ සේවය කරමින් සිටිය දී රිය අනතුරකට ලක්වී ආබාධිතවී කිහිලිකරු පාවිච්චි කරමින් සිටි අයකු බවත් එම පොලිස් නිලධාරියා පවසා ඇත.

මාකඳුරේ මධුෂ්ගේ දරුවාගේ උපන්දින සාදයට සහභාගි වීම සඳහා මධුෂ්ගේ ආරාධනයකට අනුව මොහු කිහිලිකරු සහිතව ඩුබායි බලා පිටත්ව ගොස් ඇත්තේ බන්ධනාගාරයෙන් සේවා නිවාඩු ලබාගෙන බව ද පැවසේ.

මාකඳුරේ මධුෂ් ඩුබායි හෝටලයේ පැවැත් වූ  සාදයට ශ්‍රී ලාංකිකයන් 125ක් පමණ සහභාගි වී ඇති බවටත් ඔවුන්ගෙන් වැඩිදෙනකු එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් බවටත් තොරතුරු ලැබී ඇති බව පොලිස් ආරංචිමාර්ගවලින් පැවසේ.

මෙහිදී ඩුබායි පොලිසිය එහිදී මධුෂ් ඇතුළු ශ්‍රී ලාංකිකයන් 31 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් බව ද වාර්තාවේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර මෙරට පොලිස් කොස්තාපල්වරයකුද සිටින අතර ඔහු එක්සත් ජාතීන්ගේ සාම සාධක සේවා සඳහා ගොස් එහි සිට ඩුබායි වෙත පැමිණ සිටි බව පැවසේ.

ඉකුත් 5 වැනිදා මෙරට වේලාවෙන් අලුයම 2 ට පමණ සිදුකර ඇති මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් ශ්‍රීලාංකිකයන් 31 දෙනා මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්දැයි පරීක්ෂා කර බැලීම සඳහා ඩුබායි පොලිසිය පෙරේදා ඔවුන්ගේ රුධිර සාම්පල ලබාගෙන ඇති බවත් එම පරීක්ෂණවල වාර්තා අද (9) මෙරටට ලැබීමට නියමිත බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

(ලංකාදීප)

ඩුබායිහිදී අත්අඩංගුවට ගත්  පාතාල නායක  මාකදුරේ මධුෂ්  සමඟ  සිටි පිරිසෙන් පුද්ගලයින් අට දෙනකු මේ වන විට නිදහස් කර ඇතැයි  පොලිස් ආරංච් මාර්ග පවසයි.
 
 ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු   එරට  පොලීසිය විසින් ඔවුන්  සියලු  දෙනා රුධිර පරීක්ෂාවකට යොමු කර තිබු අතර එහිදී මත්ද්‍රව්‍ය ශරීර ගත වී නොමැති බවට තහවුරු වු පුද්ගලයින් 08 දෙනකු මෙලෙස නිදහස් කර ඇති  බව එම ආරංචි මාර්ග පවසයි.
 
එසේම ඉදිරි දින දෙක ඇතුළතදී  සියලුම පිරිස පරීක්ෂාවට ලක් කිරීම් අවසන් වනු ඇතැයිද  රුධිර පරික්ෂාවේ කිසිදු වෙනසක් නොවේ නමි ඔවුන් නිදහස් වනු ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
 
නිදහස් කෙරුණු පිරිස අතර කාන්තාවන් කිහිප දෙනකු සිටින බවද එම ආරංචි මාර්ග පවසයි.

ජාතික ආණ්ඩුව පිහිටුවිම පිළිබඳ යෝජනාව අද(07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර සිටීමට එක්සත් ජාතික පෙරමුණ තීරණය කර ඇත. 

පක්ෂ නායක, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග ඊයේ ( 06) රාත‍්‍රියේ පැවති විශේෂ සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන තිබේ.

ජාතික ආණ්ඩුවක් පිහිටුවිම සඳහා වු යෝජනාව අද දිනයේ  විවාදයට ගැනිමට ඊයේ පස්වරුවේ රැස්වූ පක්ෂ නායක රැස්විමේදී සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් යෝජනා කර තිබුනි.

ඒ අනුව එම යෝජනාව  අද දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ද  ඇතුළත් කර තිබිණි.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා සියලු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දී තිබුණේ අද පාර්ලිමේන්තුවට පැමිණ යෝජනාවට පක්ෂව අනිවාර්යෙන්ම ජන්දය භාවිතා කරන ලෙසයි.

කෙසේ වෙතත් අද පාර්ලිමේන්තුව ඇරඹු අවස්ථාවේ සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සභාවට දැනුම් දුන්නේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් වන යෝජනාව මීලඟ සැසියට යොමුකරන්නැයි අග්‍රාමාත්‍යවරයා දැනුම් දුන් බවය