April 27, 2024

දළදා මාලිගාව අසල මාළු ඇල්ලු මත් ලෝලීන් මාට්ටු

අලෙවි කිරීම සදහා මහනුවර දළදා මාලිගාව ඉදිරිපිට වැවේ මාළු අල්ලමින් සිටි තරුණයින් දෙදෙනකු කිලෝ ග්‍රෑම් දොළහකට වැඩි අල්ලන ලද මාළු සමඟ දළදා මාලිගාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අම්පිටිය සහ පොල්ගොල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 ට අඩු මෙම තරුණයින් දෙදෙනා දළදා මාලිගාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මහනුවර පොලිසියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ (10) මහනුවර අධිකරණය වෙත ඉදිරිපත් කොට තිබෙනවා.

මෙම පුද්ගලයින් දෙදෙනා මත්කුඩු භාවිතයට ඇබ්බැහිව සිටින බවට පොලිසියට තොරතුරු ලැබී තිබෙනවා.

මහනුවර පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Rate this item
(0 votes)