April 26, 2024

උද්ඝෝෂකයින්ට පොලුපහර දෙන්නැයි කුට්ටි කියද්දී ගෝඨාගෙන් අමුතුම කතාවක්

February 15, 2022

උද්ඝෝෂකයන්ට හා වැඩ වර්ජකයින්ට එරෙහිව පොලිසිය යම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා ජනාධිපතිවරයා ප්‍රකාශ කොට තිබෙනවා.

ඔහු මේ බව පවසා ඇත්තේ ඊයේ (14) පැවැති කැබිනට් රැස්වීමේ දී.

කෙසේ වෙතත් මෙම ප්‍රකාශයට ප්‍රතිචාර ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ උද්ඝෝෂකයන්ට හා වැඩ වර්ජනය කරන්නන්ට එරෙහිව බැටන් ප්‍රහාර, කඳුළු ගෑස් ආදිය එල්ල නොකරන ලෙසට යි.

උද්ඝෝෂකයින් පිළිබඳ ජනතාව තීරණයක් ගනු ඇති බවට යි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කොට ඇත්තේ.

උද්ඝෝෂකයන්ට හා වැඩ වර්ජකයින්ට එම ක්‍රියාවන්හි දිගින් දිගටම යෙදෙන්නේ, ඔවුන්ට එරෙහිව රජය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් නිසා බව ද සරත් වීරසේකර අමාත්‍යවරයා පවසා ඇති බව වාර්තා වනවා.

පසුගිය කාලයේ පැවැති ගුරු උද්ඝෝෂණය මර්ධනය කිරීමට පොලීසිය විවිධ ක්‍රියාමාර්ග ගත් අතර ඇතැම් ගුරුවරුන් සහ වෘත්තීය සමිති නායකයින් බලහත්කාරයෙන් ඔසවාගෙන ගොස් බස්රථවල පටවා නිරෝදායන මධ්‍යස්ථාන වෙත රැගෙන යන අයුරු ද සිදු වූවා.

මේ අතර, උද්ඝෝෂකයින් පිළිබඳ ජනතාව තීරණයක් ගනු ඇති බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කරන පසුබිමක, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පසුපෙළ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පසුගිය දා ජනතාව වෙත පවසා සිටියේ උද්ඝෝෂකයින්ට පොලු පහර ලබා දෙන ලෙසට යි.

එමෙන්ම ඔහු තවත් මොහොතක ප්‍රකාශ කළේ සෞඛ්‍ය වර්ජනය හේතුවෙන් තමන් නියෝජනය කරන ප්‍රදේශයෙහි අයෙකු මියගියහොත් එදිනට “මරාගෙන මැරෙන්නට” තමන්ට සිතෙනු ඇති බවට යි.

Rate this item
(4 votes)
Last modified on Tuesday, 15 February 2022 15:08

Related items