April 27, 2024

"මම වියත් මගේ නැහැ " : මහාචාර්ය චරිත හේරත්

December 05, 2021

ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාද "වියත් මග" සාමාජිකයෙකු ලෙසයි ප්‍රසිද්ධව තිබෙන්නේ.

එහෙත් තමා "වියත් මග" සාමාජිකයෙකු නොවන බව මන්ත්‍රීවරයා හෙළිදරව් කරනවා.

දේශපාලනයේ ආරම්භය

කෝප් කමිටු සභාපතිවරයාද වන මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ තමා වියත් මග හැදීමට පෙර සිටම දේශපාලනය කළ බවයි.

එනිසා තමාගේ දේශපාලනයට වියත් මගේ සම්බන්ධයක් නැති බව මන්ත්‍රීවරයා සඳහන් කරනවා.

මහ මැතිවරණය අවස්ථාවේ වියත්මග නිර්දේශ ලබා දුන්නේ සිය සංවිධානයේ අය පිළිබඳව පමණක් බවයි හේරත් සඳහන් කරන්නේ.

පුවත් පත් දැන්වීම

මහ මැතිවරණයට තමාද ඉදිරිපත් වීමට සූදානම් වූ අවස්ථාවේ අපේක්ෂකයන් 27 දෙනෙකු පිළිබඳ නම් ඇතුළත් පුවත්පත් දැන්වීමක් වියත්මග පළ කළ බව සඳහන් කරන හේරත් මහතා ඊට තමන්ගේ නම ඇතුලත් කර නොතිබූ බවයි පෙන්වා දෙන්නේ.

තමා එම සංවිධානයේ සාමාජිකයෙකු නොවන බැවින් තමාගේ නම නොදැම්ම බව තමා ඒ ගැන එම සංවිධානයෙන් විමසූ අවස්ථාවේ සඳහන් කළ බවයි හේරත් මහතා අනාවරණය කරන්නේ.

වියතුන් පාර්ලිමේන්තුවට පැමිණියා කියා වියත් දේශපාලනයක් නිර්මාණය නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ආණ්ඩුවේ බල තුලනය

වියත් බලයක් ඉස්මතු වන්නේ ආණ්ඩුව ඇතුළෙ වියතුන්ට බලයක් තිබෙනවා නම් පමණක් බවයි හේරත් මහතාගේ මතය වන්නේ.

එනිසා රටේ සම්ප්‍රදායික සම්ප්‍රදායික දේශපාලනය වෙනස් යුතු බවට මන්ත්‍රීවරයා යෝජනා කරනවා.

වියත් මග පිළිබඳව මහාචාර්ය චරිත හේරත් මහතා මේ අදහස් පළ කර තිබුණේ සති අන්ත ජාතික පුවත් පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින්.

Rate this item
(0 votes)
Last modified on Sunday, 05 December 2021 10:41

Related items