April 26, 2024

පාස්කු ප‍්‍රහාරයේ වගකිවයුත්තන් මෙන්න: ජනපති රහස් හෙළි කරයි - දඩුවම් දෙන හැටිත් කියයි (VIDEO)

November 25, 2021

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට, පැවති රජය පත් කළ ජනාධිපති කොමිසම මගින් හිටපු ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලය ඇතුළු ආණ්ඩුව ප්‍රහාරයට වගකිව යුතු බවට නිර්දේශ කර තිබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

එය පාර්ලිමේන්තුවට, නීතිපතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරි කටයුතු වෙනුවෙන් යොමු කර ඇති බවත් පාර්ලිමේන්තු පනතකින් කොමිසම හෙළිකළ වැරදිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කළ හැකි බවත් ඔහු සඳහන් කළා. 

ඒ සඳහා අවශ්‍ය තුනෙන් දෙකක බලය (2/3) ආණ්ඩුව සතු බවත් එම නිසා ඉල්ලීම් කරන විට ප්‍රවේශම් වන ලෙසත් ජනතාව නොරවටන ලෙසත් ජනාධිපතිවරයා විපක්ෂයට කියා සිටිනවා.

අග්නිදිග ආසියාව සතු විශ්වීය ඉදිකිරීම් තාක්ෂණයේ දකුණු ආසියාවේ සම්ප්‍රාප්තිය හෙවත් “අධිවේගී අහස් වියමන” ලෙස සැලකෙන “කල්‍යාණි රන් පිවිසුම” (Golden Gate Kalyani) අද (24) පස්වරුවේ ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන්  පැවති උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. 

උත්සව භූමියට පැමිණි ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමරු ඵලකය නිරාවරණය කර නව කැලණි පාලම විවෘත කිරීමෙන් අනතුරුව පාලම දෙපස ආලෝකමත් කරන නවීන තාක්ෂණික විදුලි පද්ධතිය ද ක්‍රියාත්මක කළා.

කොළඹ නගරයට ඇතුළුවන හා පිටවන වාහන හේතුවෙන් කැලණි පාලම ආශ්‍රිතව ඇති වූ අධික රථවාහන තදබදයට පිළියම් වශයෙන් නව ගුවන් පාලම ඉදිකරනු ලැබීය.

ශ්‍රී ලංකා රජයේත්, ජපාන අන්තර්ජාතික සහයෝගීතා ආයතනයේත්, දායකත්වයෙන් 2012 වර්ෂයේදී මූලික සැලසුම් සකස් කර 2013 වසරේදී සිදුකරන ලද ශක්‍යතා අධ්‍යනයකින් පසු 2014 වසරේදී  පාලම ඉදිකිරීම් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය. ඊට අදාළ ගිවිසුම් අත්සන් තැබීම ද එම වසරේදීම සිදු කෙරිණ.

ව්‍යාපෘතිය හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට නිවාස, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන වෙනුවෙන් වෙනත් ස්ථාන ලබාදීමෙන් අනතුරුව 2017 වසරේදී ඉදිකිරීම් ආරම්භ විය.  ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 55,000ක් වැය වී ඇති අතර ඊට ගත වූ කාලය වසර හතරකි.

කොළඹ, කටුනායක අධිවේගී පිවිසුමේ සිට බණ්ඩාරනායක වටරවුම දක්වා මංතීරු 6කින් සහ එතැන් සිට ඔරුගොඩවත්ත හා ඉඟුරුකඩේ මංසන්ධිය දක්වා මංතීරු 4කින් නව ගුවන් පාලම සමන්විතය. මෙමගින් ඉඟුරුකඩේ මංසන්ධියේ සිට කොළඹ වරාය නගරය  දක්වා සහ ඔරුගොඩවත්තේ සිට අතුරුගිරිය දක්වා කුලුනු මතින් ඉදිවන අධිවේගී මාර්ගයන්ට ප්‍රවේශ පහසුකම් සැපයෙනවා.

කැලණි ගඟේ ජල බැස්මට කිසිඳු අවහිරතාවක් සිදු නොවන අයුරින් පාලම ඉදිකර තිබීම සහ පරිසර සුන්දරත්වය සුරැකෙන පරිදි කොබොනීල, ඇසළ, මැයි මාර, මී, කුඹුක් ඇතුළු ශාක ප්‍රභේද රාශියක් ප්‍රධාන මාර්ගය දෙපස රෝපණය කර තිබීම සුවිශේෂත්වයක්.

2005 – 2010 මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමය තුළ දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයක් රටේ සිදු කෙරිණ. ඉතිරි සියලු ගැටලු සඳහා ද තිරසර විසඳුම් ලබාදෙන බව ජනාධිපතිවරයා සඳහන් කළා.

කොවිඩ් වසංගතය හමුවේ වුව ද යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් ව්‍යාපෘති රැසක් ආරම්භ කර තිබෙන බවත් ඒ සියල්ල අඛණ්ඩව සිදුකරන බව පෙන්වා දෙන රාජපක්ෂ මහතා ඉදිරියේදී රට වැසීමට සිදුනොවුණහොත් පොරොන්දු වූ සියලු ව්‍යාපෘති අවසන් කරන බව පැවසුවා.

එම වීඩියෝව පහතින්,

Rate this item
(0 votes)
Last modified on Thursday, 25 November 2021 13:14