April 26, 2024

මුතුරාජවෙල කැබිනට් පත්‍රිකාව ගෙනාවේ ඇමතිවරු තිදෙනෙක්

November 09, 2021

මුතුරාජවෙල තෙත්බිම් සංරක්ෂණය පිලිබඳ නිකුත් කර ඇති ගැසට් නිවේදනය ගැන නොයෙකුත් අදහස් ප්‍රකාශ කරමින් නොයෙකුත් අදහස් ප්‍රකාශ කරමින් ජනතාව මුලා කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර මහතා පවසනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයත් , වනජීවී සහ සංරක්ෂණ අමාත්‍යංශයත් , ඒ එක්කම පරිසර අමාත්‍යංශයත් මේ අමාත්‍යංශ තුනේම අමාත්‍යවරුන් ඒකාබද්ධව ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක ප්‍රතිඵලයක්  ලෙස මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබු බවද ඒ මහතා සඳහන් කරනවා.

"කිසිම අවස්ථාවක මේක වෙනත් කණ්ඩායමක් සඳහා ලබා දීලා ඒක ගොඩ කිරීමටවත් වෙනත් සංවර්ධන කටයුතු සිදු කිරීමටවත් මේ ආයතන තුන කිසිම අවස්ථාවක කටයුතු නොකරන බව පැහැදිලිව සඳහන් කරන්න පුළුවන්." යනුවෙන්ද ඒ මහතා සඳහන් කළා.

ඒ මහතා මෙම අදහස් පළ කලේ "මුතුරාජවෙල ඇත්ත කථාව" පිලිබඳ ඊයේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ සඳහන් කළා.

"මුතුරාජවෙල තෙත් බිම් සංරක්ෂණය පිලිබඳ නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිළිබඳව මේ වන විට උද්ඝෝෂණ මතු වී තිබෙනවා. තවත් පිරිසක් මේ ගරු අධිකරණයේ සහාය පතමින් සිටිනවා. තවත් පිරිසක් නොයෙක් නොයෙක් අදහස් ප්‍රකාශ කරමින් ජනතාව මුලා කරමින් සිටිනවා. ඒ වගේම කාදිනල් මැල්කම් රංජිත් අගරදගුරුතුමා , ඒ එක්කම කොළඹ ප්‍රදේශය භාර බිෂොප්තුමන් මේ පිළිබඳව ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. මේ රජයත් සියලුදෙනාමත් මේ අවශ්‍යතාවය සලකලා බැලුවම ඒ සියලුදෙනාටම අවශ්‍යතාවය වෙලා තියෙන්නේ මේ මුතුරාජවෙලා තෙත්බිම සංරක්ෂණය කිරීම. හැමෝගෙම අවශ්‍යතාවය ඒකයි. ඉතින් මේ පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් ප්‍රදේශයේ ජනතාව, ඒ එක්කම කතෝලික ජනතාවගේ අවශ්‍යතාවය සලකා බලලා ඒ අවස්ථාවේදී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයත් , වනජීවී සහ සංරක්ෂණ අමාත්‍යංශයත් , ඒ එක්කම පරිසර අමාත්‍යංශයත් මේ අමාත්‍යංශ තුනේම අමාත්‍යවරුන් ඒකාබද්ධව ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවක ප්‍රතිඵලයක් විදියට තමයි මේ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවේ. මේ පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරිය , මධ්‍යම පරිසර අධිකාරිය සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මේ සියලුම දෙනා එක්කාසු වෙලා අවශ්‍යතාවය වෙලා තියෙන්නේ මේ පරිසරය ආරක්ෂා කර ගැනීම."

"මේ ආයතන තුන කිසිම අවස්ථාවක මුතුරාජවෙල තෙත් බිම විනාශ වෙන්න කටයුතු කරන ආයතන තුනක් නෙවෙයි. අපගේ අවශ්‍යතාවය මුතුරාජවෙල තවදුරත් විනාශ වීම වළක්වා ගැනීමයි. ඉතින් නොයෙක් ප්‍රශ්න මේ සඳහා ඉදිරිපත් වෙලා තියෙනවා. එක ප්‍රශ්නයක් මට දැනුවත් වුණා මුතුරාජවෙල දකුණු පස ප්‍රදේශය ඇයි මේ ගැසට් නිවේදනයට ඇතුළත් කරලා නැත්තේ කියලා. ඇත්තටම මේ දකුණු පස ප්‍රදේශය අයිති මධ්‍යම පරිසර අධිකාරියට. මේක රජයට අයිති ස්ථානයක්. ඕනෙම අවස්ථාව අපිට මේ අපගේ මාස්ටර් ප්ලෑන් එකට අපිට ඒක ඇතුළත් කරන්න හැකියාව තියෙනවා. ඒ එක්කම මේ වන විට අපි ප්‍රදේශයේ සිටින ජනතාව අපි දැනුවත් කරලා තියෙනවා. අපි ඔවුන්ට සඳහන් කරලා තියෙනවා මේ ප්‍රදේශය තවදුරටත් විනාශ වීම වලක්වන්න අපිට සහය දෙන්න. අපි ප්‍රදේශයේ ජනතාව ලිෆ්ලට් මඟින් දැනුවත් කරලා එවැනි ප්‍රදේශ තවදුරටත් ගොඩ කිරීමෙන් , විනාශ කිරීමෙන් වලක්වාලීම සඳහා කුඩා හමුදා අනු ඛණ්ඩයක් ස්ථාපිත කරලා මේ කටයුතු සිදු කරමින් පවතිනවා. මේ සඳහා අපි ඉල්ලීම් කරන්නේ මේ පිළිබඳව කලබල වෙන්න කිසිම කෙනෙකුට අවශ්‍යතාවයක් නැහැ. කිසිම අවස්ථාවක මේක වෙනත් කණ්ඩායමක් සඳහා ලබා දීලා ඒක ගොඩ කිරීමටවත් වෙනත් සංවර්ධන කටයුතු සිදු කිරීමටවත් මේ ආයතන තුන කිසිම අවස්ථාවක කටයුතු නොකරන බව පැහැදිලිව සඳහන් කරන්න පුළුවන්."

Rate this item
(0 votes)
Last modified on Monday, 08 November 2021 21:08